BREAKING
Top Ad
සමාලාප

අරගලය Talks: ජන අරගලය කියන්නේ බෝඩ් ලෑල්ලක්ද?- (Peter D' Almeida)

T

The Leader

May 22, 2022 • 11:27 PM

අරගලය Talks: ජන අරගලය කියන්නේ බෝඩ් ලෑල්ලක්ද?- (Peter D' Almeida)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • #GoHomeGota සහ #GoHomeRajapaksas යන සටන් පාඨ 2 මුල් කරගෙන පසු ගිය මාස කිහිපය පුරා සිදු වූ අඛණ්ඩ ජන විරෝධතා ක්‍රමයෙන්, ගෝල්ෆේස්
  • මෙම ස්වයංජාත ජන අරගලයේ උච්චතම අවස්ථාව උනේ මැයි 6 වන දින දිවයින පුරා ඉතා විශාල ජන සහභාගීත්වයක් සමග සිදු වූ හර්තාලය ලෙස කෙනෙක්ට දකින්න පුලුවන්.
  • මෙම වෑයම රටේ ඉදිරි ගමන් මග තීරණය කරනු ඇත යන්න බොහෝ සමාජ සහ දේශපාලන විචාරකයින්ගේ මතයයි.
  • මෙහි පලවන සාකච්ඡාව පසු ගිය හාර්තාල් දිනයේ සිදු කර තිබුනේ ප්‍රවීන රංගන ශිල්පියෙක්, දේශපාලන ක්‍රියාකාරිකයකු සහ තොරතුරු තාක්ෂන ක්ශේත්‍රයේ නියමුවෙක් වන පීටර් ඩී අල්මේදා සමගයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතුළු ස්ථාන කිහිපයක් මුල් කරගත් නොනවතින ජන අරගලයක් බවට පත් වුනා.

මෙම ස්වයංජාත ජන අරගලයේ උච්චතම අවස්ථාව උනේ මැයි 6 වන දින දිවයින පුරා ඉතා විශාල ජන සහභාගීත්වයක් සමග සිදු වූ හර්තාලය ලෙස කෙනෙක්ට දකින්න පුලුවන්.

කෙසේ වෙතත් මෙම ජන අරගලය අනෙකුත් සියලුම අරගල වලින් වෙනස් වූයේ, මෙහි ආරම්භයේ පටන් තිබූ නිර්පාක්ෂික ජනතා සහභාගීත්වයත්, එම අරගලය තුල පොදු ජනතාව තමන් විසින් අත් විඳින ආර්ථික සමාජීය අර්බුධවලින් එහාට ගොස් දුෂිත පාලකයන් එලවා රට තුලට සාධනීය දේශපාලන වෙනස් කම් ගෙන ඒමට පාලකයින්ගෙන් කල ඉල්ලීමත් නිසා යි.

යල්පැනගිය දේශපාලන උපාය උපක්‍රම හරහා අරගලයේ ඉලක්ක වෙත ළඟා වීමට නොයෙකුත් භාධා එල්ල වුවද, එම භාධක වලින් ශක්තිමත් වෙමින් සිය අරමුණු කරා එය මෙහෙයවමින් පොදු ජනතාව අරගලය තුලින් උගත් දේ සහ ඔවුන් විසින් පුහුණු කල දේ බොහොමයි. මෙම වෑයම රටේ ඉදිරි ගමන් මග තීරණය කරනු ඇත යන්න බොහෝ සමාජ සහ දේශපාලන විචාරකයින්ගේ මතයයි.

මේ සුවිශේෂී සහ තීරණාත්මක ජන අරගලයේ හැඩය සහ ස්වරූපය පිළිබඳව සාකච්ඡා මාලාවක් "අරගලය Talks" යන නමින් “Freedom Hub” විසින් සම්පාදනය කරනවා. මෙහි පලවන සාකච්ඡාව පසු ගිය හාර්තාල් දිනයේ සිදු කර තිබුනේ ප්‍රවීන රංගන ශිල්පියෙක්, දේශපාලන ක්‍රියාකාරිකයකු සහ තොරතුරු තාක්ෂන ක්ශේත්‍රයේ නියමුවෙක් වන පීටර් ඩී අල්මේදා සමගයි.

සිය ආර්ථික සහ සමාජීය අර්බුධය හේතුවෙන් අරගලයට එක් වූ බොහෝ පිරිස්, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා සහභාගිත්ව ව්‍යවස්ථාව, තම ජනතා නියෝජිතයින් යළි කැඳවීමේ හැකියාව යන කරුනු දක්වා අරගලය බුද්ධිමය තලයකට රැගෙන ගිය ආකාරය මෙම සාකච්ඡාව තුල පීටර් විසින් සවිස්තරාත්මකව පෙන්වා දී තිබෙනවා.



“අරගලය Talks” බෝඩ් ලෑල්ලෙන් ඔබ්බට ගිය ජනතා ව්‍යාපාරයක් උදෙසා..


අරගලය Talks සාකච්ඡා මාලාව තුලින් විවිධ කලාකරුවන්, සමාජ ක්‍රියාකරුවන් සහ ජනමාධ්‍ය වේදීන් ඇතුලු සමාජයේ වර්ණවත් චරිත අරගලය ගැන ඔවුන්ගේ අදහස් දැක්වීමට පෙළගස්වා තිබෙනවා බව Freedom Hub කණ්ඩායම දන්වා සිටිනවා.

Freedom Hub යනු හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින්, සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව ගත කල දෙවසරකට ආසන්න කාලය තුල තරුණ ප්‍රජාව වෙනුවෙන් තැනූ කේන්ද්‍රයකි.

නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී මත දරන ප්‍රගතිශීලී තරුණ තරුණියන්ගේ අදහස් සහ නිර්මාණ සමාජගත කිරීමේ අර්මුණින් ගොඩ නැගී ඇති Freedom Hub පරිශ්‍රය විවිධ නිර්මාණ සිදු කිරීමටත්, එම නිර්මාණ සඳහා තාක්ෂණික සහය ලබා දීමටත්, Studio පහසුකම් ඇතුළු එම නිර්මාණ සමාජයට මුදා හැරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් නිර්මාණය වී ඇති අවකාශයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්.

වැඩි විස්තර දැනගැනීම සඳහා  Facebook පිටුව ඔස්සේ Freedom Hub සමග සම්බන්ධ වන්න.


  

Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...