BREAKING
Top Ad
සමාලාප

Upeksha Swarnamalini : සියයට දාහක් මේ සමාජය දරුවන්ට අනාරක්‍ෂිතයි (Mirror Arts වීඩියෝවක්)

T

The Leader

February 24, 2025 • 12:59 AM

Upeksha Swarnamalini :  සියයට දාහක් මේ සමාජය දරුවන්ට අනාරක්‍ෂිතයි (Mirror Arts වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්වේට් රාජ්‍යයේ ඉපිද මූලික අධ්‍යාපනය එහිදී ලබන උපේක්‍ක්‍ෂා ලංකාවට එන්නේ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා යන බලාපොරොත්තුව ඇතිවය.
  • පබා ලෙසත්, චංචලා ලෙසත් රසික ආදරයට පත්වූ උපේක්‍ෂා ස්වර්ණමාලිනී රජීවන් මෙවර Mirrorarts සාකච්ජාව සඳහා එක්වන්නීය.
  • නමුත් ඒක ඇතුළෙ ගැහැනු ළමයා පුංචි කාලේ ඉඳන් එයාට එන ආකල්පත් එක්ක එයා එයාවම ආරක්‍ෂා කරගෙන, එයා එයාවම පෝෂණය කරගෙන එයා හැඩ ගැහෙනවා.
  • අවුරුදු පහ විතර වෙනකම් එයා මා එක්කම තමා හිටියේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ලංකාවේදී රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නට ඇයට අවස්ථාවක් ලැබීමත් සමග ඇයගේ ජීවිතය වෙනස් මගකට අවතීරණ වන්නේ අහඹු ලෙසය. උපේක්‍ෂාට අනුව එය ඇයගේ දෛවයය.

පබා ටෙලි නාට්‍යයේ පබා ගේ චරිතය තුළින් ඇය ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක දක්වා පැමිණෙන්නට මග සාදාගන්නේ ඇයට ඉන් ලැබුණු ජනප්‍රියත්වය නිසාමය. පබා ලෙසත්, චංචලා ලෙසත් රසික ආදරයට පත්වූ උපේක්‍ෂා ස්වර්ණමාලිනී රජීවන් මෙවර Mirrorarts සාකච්ජාව සඳහා එක්වන්නීය.

Mirrorarts -
මම මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් කතාකරන්න කැමතියි ඔයත් එක්ක. අපි කතා කරන මේ මාතෘකා තුළින් මතුවන කාරණා එක්ක අපේ සංවාදය ඉදිරියට ගෙනියන්න පුලුවන්. ඉතින් මම ප්‍රථමයෙන් අහන්න කැමතියි ලංකවේ දරුවෙකුට කොයිතරම් ආරක්‍ෂාවක් අවශයයි ද මේ සමාජය තුළ  ජීවත්වෙන්න .

Upeksha -
කාලෙන් කාලෙට ප්‍රශ්න වෙනස්වුනා තමයි. සමහරු කියනවා දුවෙක් ඉන්න එක අමාරුයි නේ... පුතෙක් හිටියනම් ලේසියි නේද කියලා. ඒක මහ මෝඩ ගොං. ඒකට විරුද්ධව මම එක පුංචි අදහසක් කිව්වොත් අපිට පෙර පිනකට අපේ රටේ සංස්කෘතියක් කියලා එකක් තියෙනවා මම ඒකට කැමතියි. ඒක හරියට අඳුරනවද ඒක හරියට පිළිපදිනවද බොරුවක් විදිහට තියං ඉන්නවාද කියන එකත් වෙන ප්‍රශ්නයක්. නමුත් ඒක ඇතුළෙ ගැහැනු ළමයා පුංචි කාලේ ඉඳන් එයාට එන ආකල්පත් එක්ක එයා එයාවම ආරක්‍ෂා කරගෙන, එයා එයාවම පෝෂණය කරගෙන එයා හැඩ ගැහෙනවා.

ඒකට හොඳම උදාහරනේ අද උපාධි වැඩිහරියක් ම ලබාගන්නෙ ගැහැනු දරුවන්. අධ්‍යාපනයෙන් ඉදිරියෙන් ඉන්නෙ ගැහැනු ළමයින් වෘත්තීය මට්ටමින් ඉදිරියෙන් ඉන්නෙ ගැහැනු ළමයින්. විවාහයෙන් දික්කසාද වූ ගැහැනු අය තම දරුවන් පෝෂණය කරනවා. බහුතරයක් හොඳ කරන මිනිස්සු කොහොද එහෙම දුර්වල පාර්ශවයක් වෙන්නෙ. අපේ වගේ රටවල් වල හරිම අමාරු තත්ත්වයක් තියෙන්නේ. මගේ දියණිය මට සියයට සියයක් ආරක්‍ෂා සහිතයි කියලා දැනෙන්නේ මගේ ඇස් ඉදිරිපිටදි විතරයි. මට වෙන කව්රුවත්ව විශ්වාස කරන්න බැහැ. අවුරුදු පහ විතර වෙනකම් එයා මා එක්කම තමා හිටියේ. එයාගේ මානසිකත්වයට හරියන විදිහට මම එයාට ලිංගික අපයෝජන කියන්නේ මොනවද අනිත් අය තමන්ව රවට්ටන හැටි ... සමාජෙ තියෙන ගැටලු පුලුවන් පුලුවන් හැටියට එයාට ගැලපෙන විදිහට මම කතාකරමින් යනවා.

මාසෙට තියෙන දවස් තිහෙන් දවස් හතරක් විතර මම එයාව අත අරිනවා ටිකක්. එයා එයාලගේ තාත්තලගෙ ගෙදර ඉන්නවා ටිකක්. එයාගේ යාලුවෙකුගෙ ගෙදර ගිහින් සෙල්ලම් කරන්න යවනවා. එයාට ඒ දවස් තුන හතර ඇති එයාට ඒ වෙනස පේන්න. මම එයාව හෙමින් හෙමින් සමාජයට හුරුකරවනවා එයාට වැඩෙනකොට එයාට ස්වාධීනව නිදහස්ව එයාගේ ජීවිතය පිළිබඳ අවබෝධය ලබාගන්න ඉඩ අරින්න ඕන නිසා. මට එයාට ආරක්‍සාව දෙන්න පුලුවන්වෙන්නේ එයාගේ අබෝධය වැඩි කිරීමෙන් පමණයි. එයාගේ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීමෙන් පමණයි. 

මේ සමාජය තුළින් කිසිවක් බලාපොරොත්තු වන්න බැහැ. සියයට දාහක් මේ සමාජය දරුවන්ට අනාරක්‍ෂිතයි. දරුවා ගුණ යහපත් වුනොත් ඒ දරුවට කුහකකම් කරන අය ඉන්නවා. අසනීප කරනවා දරුවා ඉගෙන ගන්නවනම් ඒ දරුවගේ අධ්‍යාපනයට බාධා කරනවා. මම ක්වේට් වල ඉන්නකොට මට හොඳ ආරක්‍ෂාවක් තිබුනා. මම අම්මා නැතුව හැදුනේ. මට ආරක්‍ෂාවක් තිබුනා. උගත් මිනිස්සු ගේ රටක් නෙමේ. නීතිය හරියට පවත්වගෙන යනවා'

උපේක්‍ෂා තමාට ද පවුලේ හිතවත් අයෙකුගෙන් ළමා කල යම් ලිංගික අතවරයකට මුහුන දෙන්නට සිදුවූ බවක් පැවසුවා. ඒ සම්බන්ධව ඇය කතාකළේ යම් වේදනාවකින්.

කෙසේවුවත් පවුල තුළ දෙමව්පියන්ගේ විවිධ ප්‍රශ්න නිසා දරුවන් මුහුන දෙන මානසික ගැටලු සම්බන්ධවත් උපේක්‍ෂා කතාකළා.

ඇයට තම ළමා කල තුළ නිසි මගපෙන්වීමක් නොමැති වූ හේතුවෙන් ජීවිතය ගොඩ නගාගැනීම පහසු නොවූ බවත් විවාහය නිසා ඇයට මුහුන පාන්නට සිදුවූ අනේක විධ දුක් පීඩාත්, ගෘහස්ථ හිංසනය ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීමට මූලිකව බලපෑ කාරනාත් විවෘතව කතා කළා.

උපේක්‍ෂා ගේ ජීවිතය තුළින් ඔබට කියවාගන්න යමක් තිබිය හැකියි. ඇයගේ සම්පූර්ණ සාකච්ජාව විඩියෝවෙන් නරඹන්න පුලුවන්.

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...