BREAKING
Top Ad
බුකිය

විදර්ශනගේ 'වාමාංශික පෙට්ටිය' කැඩීයාම: ''මම නම් කැමති "ගෝඨට"' -කුඹියෝ' අධ්‍යක්ෂ

T

The Leader

October 29, 2019 • 10:21 PM

 විදර්ශනගේ 'වාමාංශික පෙට්ටිය' කැඩීයාම:  ''මම නම් කැමති "ගෝඨට"' -කුඹියෝ' අධ්‍යක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''රාජපක්ෂයේ අවසානයක් වෙනුවෙන් හංසයට 'දෙවෙනි මනාපය' දෙන්න කිව් නිසා මගේ 'වාමාංශික පෙට්ටිය' කැඩී ඇති බව සතුටින් දැනුම් දෙමි !''
  • විදර්ශනගේ මෙම FB සටහනට අපුරු ප්‍රතිචාරයක් දක්වා ඇති 'කුඹියෝ' ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න සිය FB පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.
  • උඹ මම ජීවත් වෙන පොත් කියවන intellectual කොළඹට වඩා වරකාපොල පයිනකොට, පානදුර පයිනකොට, අවිස්සාවේල්ල පයිනකොට, එතනින් එහාට තියෙන ලෝකය ඒ කොළඹට වඩා මාර වෙනස් බව මට වඩා හොඳට උඹ දන්නව කනා.
  • උඹ වගේ එකෙක් වැඩකරන්න ඕනෙ "ගෝඨ" වගේ දැඩි, ප්‍රචණ්ඩ පාලකයෙක් ඉල්ලන ජනතාවක් නොහැදෙන තැනට.
අකුරු ප්‍රමාණය (Font Size):

යයි දේශපාලන විචාරක විදර්ශන කන්නන්ගර සිය FB පිටුවේ පලකර ඇති පොස්ටුවට සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවති.

PHOTO 2019 10 30 07 49 39විදර්ශනගේ මෙම FB සටහනට අපුරු ප්‍රතිචාරයක් දක්වා ඇති 'කුඹියෝ' ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න සිය FB පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

 කනා, උඹේ වාමාංශික පෙට්ටිය කැඩිල හුඟක් කල්  .....

 ''උඹ කියපුව හරියට කියවපු ඕනෙ එකෙක් දන්නව උඹේ වාමාංශික පෙට්ටිය කැඩිල හුඟක් කල් කියල. මතවාදීව හුඟක් දේට එකඟ නූනත් මං උඹට ආසම උඹ ඒ පෙට්ටිය කඩාගෙන ඉන්න එකට.

මටනං සජිත්ද, ගෝඨද කියන එක අදාලම නෑ. හැබැයි මම ගෝඨ මුලින් approach කරපු විදිහට පොඩ්ඩක් කැමැත්තෙන් බලං හිටිය.ඒත් පරණ මහිංදගෙ සැට් එකයි, මහින්දට වගේම සිංදු හදන, ළමයි වඩාගන්න ගොං කැම්පේන් එකයි ඒ මිනිහව අනාතකරල ඌට කෙලවනව මම බලාගෙන උන්නෙ.

ඒ වෙනකොට සජිය බබෙක් වගේ හැසිරුණේ. ඒත් මම තාම කැමතියි ගෝඨ එනවට. මම කැමතියි "ගෝඨ" එනව කියන පීඩනයට. අවංකවම මම කැමති නෑ ඒ දවස්වල හිටපු සජිත් වගේ වැටකොළු, පතවල එකෙකුට. මම කැමතියි අරූ වගේ contraversial එකෙකුට.

 හේතුව මොකා කොයි විදියට ආවත් "මරණවා". එක්කො physically මරණව. එක්කො psycologically මරණව. මම කැමතියි psycologically මරණ එකෙකුට වඩා physically මරණ එකෙකුට. "ගෝඨ" වගේ capital, අර්ධ මිලිටරි, adminstrative, aggressive පාලනයක් විසින් හැමවෙලේම මිනිස්සු මත පීඩනයක් තියනවට මම ආසයි.

උඹ ඒකට ආස නැත්තේ උං උඹ ඉන්න intellectual වටපිටාවට වෛර කරනවා සහ attack කරනවා නිසා.

මම  ඒකට ආස පාරේ ත්‍රීවීල් වල කුණුහර්ප කියාගෙන යන, දවල් තිස්සේ වෙලේ කොටල ඇවිල්ල හවසට කසිප්පු බීල ගෑනිව මරාගෙන කන්න හදන, එකෙක් මරාගෙන හරි බස් එක ඉස්සර කරන්න බලන, බැරි මරගාතෙ වැලි ගොඩදාන, සුද්දෙක් පස්සෙන් ගිහිල්ල පුක දීල හරි කීයක් හරි හොයාගන්න දඟලන මොන රෙද්දක්වත් ආතක් පාතක් නැති රටේ බහුතරයට පීඩනයක් එනඑකට.

 "ගෝටා" ගේ පාලනයක් විසින් ගෙනඑන ඒ ගුටිකෑම, පීඩනය, ඒ සැර විසින් උංව මොකක් හරි රූලක තියෙනවා. උඹ මම ජීවත් වෙන පොත් කියවන intellectual කොළඹට වඩා වරකාපොල පයිනකොට, පානදුර පයිනකොට, අවිස්සාවේල්ල පයිනකොට, එතනින් එහාට තියෙන ලෝකය ඒ කොළඹට වඩා මාර වෙනස් බව මට වඩා හොඳට උඹ දන්නව කනා. උඹල ඔය කියන පරිපාලන ව්‍යුහය උඹ යෝජනා කරන්නෙ කොළඹ මනසින් නෙවෙයිද කනා.

 ඇත්තටම "උඹල" කරන්න ඕනෙ (මම දන්නව උඹල ඒකට පොඩ්ඩ්ක්වත් ප්‍රායෝගික නැතුව සෑහෙන්න වැඩ කියලා) එක එකාගෙන් ගුටිනොකා , එක එකාගෙන් පරිපාලනය නොවී, එක එකාට ඔළුව කසමින්, එක එකාට බයෙන් "විනයක්" හදාගන්න එවුං ටිකක් වෙනුවට "දැනුම" , "තර්කණය" හා "බුද්දිය" විසින් විනයක් හදාගන්න මිනිහෙක් රටපුරා බිහිකරන්න වැඩකරන එක.

අපේ බොහොම දුප්පත් "කූඹියෝ" අරගෙන උඹල ඒකට කෑලි කැඩෙන්ඩ ගහනකොට අපි ඒක දිහා ආසවෙන් බලා උන්නෙ දැං "කූඹියෝ" එකට කැමති වෙච්චි බහුතරය උඹලගෙ reading එක දරාගන්නෙ කොහොමද කියලා දැනගන්න.

උඹ වගේ එකෙක් වැඩකරන්න ඕනෙ දෙවෙනි මනාපේ "අරූට" වගේ පොඩි තැනක නෙමෙයි සහෝදරයා. උඹ වගේ එකෙක් වැඩකරන්න ඕනෙ "ගෝඨ" වගේ දැඩි, ප්‍රචණ්ඩ පාලකයෙක් ඉල්ලන ජනතාවක් නොහැදෙන තැනට. ජේ.වී.පී එක ගැන උණත් මගේ කතාව ඔච්චරයි.

එහෙම ජනතාවක් හැදිච්ච දවසට උඹට මෙහෙම පෝස්ට් එකක් දාන්න වෙන්නෑ. එහෙම දවසක් කියන්නෙ හරිදුර අමාරු ඉලක්කයක්. හැබැයි බැරි එකක් නෙමෙයි. එහෙම මිනිහෙක් හැදෙන තාක්කල්, දැං ඉන්න මිනිහට හරියනම එකා "ගෝඨා". මේ මිනිස්සු ටික "පාලනය" කරන්න හරියන එකා "ගෝඨා".tets 55

උඹ, චින්ත සහ අපේ ගොඩක් මිත්‍රයන් ඉන්න වටපිටාවට "ගෝඨ" වගේ පාලකයෙක් ඕන්නැතිවෙයි. හැබැයි ඔය කියන කුලකය 1% කටත් අඩුයි සහෝදරයා. ඉතිං 99% කට හරියන පාලනයක් හෝ පාලකයෙක් මිසක් 1% කට හරියන පාලකයෙක් යෝජනා කරන්න එපා කනා.

ඊයෙ අලි සබ්‍රි කිව්වේ ඒ අමිහිරි ඇත්ත. උඹ මම ඇතුළු අපි වැඩකරන්න ඕනෙ "ගෝඨෙක්" , "ප්‍රේමදාසයෙක්" නොඉල්ලන මිනිස්සු කුලකයක් හදාගන්න.

 "ගෝඨාම" එයාව ඉල්ලීමේ වින්දිතයෙක්. "ගෝඨාම" වයස 73 දී මේ මූණදෙන පීඩනයේ වින්දිතයෙක්. මේ ෆේස්බුක් එකේ "ගෝඨ"ට කඩේ යන හුඟක් එවුං (උංගෙන් කීයක් හරි කඩාගන්න සෙට් එක ඇර) කඩේ යන්නෙ "ගෝඨ" කියන පුද්ගලිකත්වයට වඩා පහුගිය අවුරුදු පහේ උං මූණ දුන්න අගක් මුලක් නැති, ඉලක්කයක් නැති, කොහේද යන්නෙ කියල දන්නැති, මොකාද රට පාලනය කරන්නෙ කියල දන්නැති හෙණ "හිස්" ගතියක් තිබ්බ පාලනයක් ගැන බයකට.

"ප්‍රජාතන්ත්‍රවාදය", "ප්‍රකාශණ නිදහස" වගේ හුකාරිස් කොළඹින් කිලෝමීටර් විසිපහක් පනිනකොට අහෝසිවෙනවා කියලා මට වඩා උඹ දන්නව කනා. එතකොට උඹ ඔය යෝජනා කරන නිදහස බුක්ති විඳින්නේ නාගරික මැදපංතියේ "සුළුතරයක්" නෙමෙයිද කනා......

ඒකනිසා, මම කැමතියි බහුතර "මීහරක" පාලනය කරගන්න "ගෝඨ" වගේ ගොපල්ලෙක් එනවට. සජිය එනවනම් ඌ "පුතාණෝ" නොවී උගේ "පියාණෝ" වගේ ගොපල්ලෙක්ම වෙලා එන්න ඕනෙ. එතකල් මම කැමතියි "ගෝඨ" එනවට. මොකද එතකොට හැමෝටම එකතුවෙලා වැඩකරන්න, බයෙන් ඉන්න, පීඩනයෙන් ඉන්න "එදිරිවාදියෙක්" ඉන්නවා. පහුගිය අවුරුදු පහ වගේ හිස් නෑ.

අවාසනාවට එන්න එන්නම "ගෝඨ" නොඑන්න තියෙන ඉඩ වැඩියි.... එතකල් උඹේ මේ "පෝස්ට්" එකට මම විරුද්ධයි.... මම කැමති "ගෝඨට"........

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...