BREAKING
Top Ad
සමාලාප

Yureni Noshika : මම මගේ කර්මය ගෙවමින් සිටිනවා (වීඩියෝ)

T

The Leader

January 4, 2025 • 11:10 PM

Yureni Noshika : මම මගේ කර්මය ගෙවමින් සිටිනවා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුව ඇති දුවයි කට ඇති පුතයි පවුලකට ඉන්නවනම් ඒ පුවල වාසනාවන්තයි කියලා තමයි පැරණි සමාජය කිව්වෙ.
  • ඒ, වර්තමාන සමාජයේ බොහෝ තරුණ අය තුළ විවිධ ශක්‍යතා ඇති නිසා.
  • යුරේණි නොෂිකාත් ශූර කථිකත්වයක් ඇති වගේම රූමත්.
  • ඒ උත්සාහවන්ත කම ඇතුළෙ කෙනෙක්ට තමන්ගේ ජීවිතයට උත්තේජනයක් ගැනීමට පුලුවන් තමන්ගේ ජීවිතයද අභිවෘද්ධිය කරා ගෙනයන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේම ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලත් ව්‍යවහාරයේ තිබුනා. නමුත් වර්තමාන සමාජයේ මේ කියමන් වලංගුද කියන ප්‍රශ්නය පැණ නැගෙනවා... ඒ, වර්තමාන සමාජයේ බොහෝ තරුණ අය තුළ විවිධ ශක්‍යතා ඇති නිසා.

යුරේණි නොෂිකාත් ශූර කථිකත්වයක් ඇති වගේම රූමත්. ඒ වගේම ඇය විවිධ ක්‍රියාකාරකම්වලට නිපුනතාවක් දක්‍ෂතාවක් තිබෙන කෙනෙක්. බොහෝ දේ සහජ උරුමයන්.

කුඩා කල සිට ම දෙමව්පියන්ගේ රැකවරණය අහිමි වන යුරේණි හැදෙන්නෙ වැඩෙන්නේ අධ්‍යාපනය ලබන්නේ වෙනත් අයගේ සහයෝගයෙන්. එසේ දෙමව්පිය ආදරය නොලැබ හැදෙන යුරේණි වර්තමානයේ මේ ආකාරයෙන් ජනාදරය දිනාගෙන ජීවත්වෙන තැනට පත්වන්නේ ඇයගේම උත්සාහයෙන්. ඒ උත්සාහවන්ත කම ඇතුළෙ කෙනෙක්ට තමන්ගේ ජීවිතයට උත්තේජනයක් ගැනීමට පුලුවන් තමන්ගේ ජීවිතයද අභිවෘද්ධිය කරා ගෙනයන්න.

මේ දිනවල විකාශය වන රීකන්ඩිෂන් කෙල්ල ටෙලිවිෂන් නාට්‍යයේ දනූ ගේ චරිතය තුළින් සිය කුශලතා දක්වමින් සිටින යුරේණි 2025 වසරේ සිය පළමු සාකච්ජාව සිදු කරණු ලැබුවේ MirrorArts Youtube නාලිකාව සමග.

MirrorArts- 
යුරේණි කැලැන්ඩරේ වෙනස් වෙලා අලුත් දවස් 365ක් අභියස ඔයාගේ plans මොනවද ?

Youreni- 
අපි හැමෝම කාලය සමග පරිණත වෙනවිට මම මීට අවුරුදු දෙකක සිට වගේ විශ්වයට කියනවා මට දේවල් අතහරින්න උගන්නන්න කියලා.

MirrorArts-
මොනවගේ හැගීමක්ද තියෙන්නේ පසුගිය කාලය ගෙවිලා  ගිය දිහා ආපහු හැරිලා බලනකොට.

Yureni -

2024 හුගක් වැඩ වලින් කාර්යය බහුලයි. ආර්ථිකය අතින් ශක්තිමත්වුනා තවත්. ඒ ගැන ගොඩක් සතුටුයි. නමුත් අර කියන්නේ මිනිස්සුන්ට ජීවිතේ හැමදේම දෙවියෝ දෙන්නෙ නැහැ. එක පැත්තකින් මේ විදිහට උඩට උස්සනකොට අනිත් පැත්තෙන්වට්ටනවා. emotionally ගත්තොත් emotionally challenge වුන අවුරුද්දක් 2024. මම හැම තිස්සෙම හිතපු කාරණයක් තමයි emotionally මනුස්සයෙක් වැටෙන කොට මං ගොඩක් අධ්‍යාත්මික පැත්තට බර කෙනෙක්.

ඉතිං මගේ පුහුණුවීම්වල මම ඉගෙන ගන්න දෙයක් තමයි අපි කරපු දේවල් කර්මය ... අපි සංසාරේ මොනවා කරලා තියෙනවද දන්නෙ නැහැනේ...හොඳ වගේම නරක කරලා ඇතිනේ. ඉතිං emotionally Drained වෙනකොට මම හිතහදාගන්නේ මේ මගේ Cleansing මේ මගේ කර්මය මොකක් හරි මං කරපු දේවල ගෙවිලා යන කාලය කියලා.

2024 මම දකින්නේ මගේ Career එක මගේ ආර්ථිකය ඉහළ නැංවෙනකොට ඒ හා සමානව මගේ අකුසල් ගෙවුනා කියලා. ඒක හොඳයි.

MirrorArts- 
ඒක හොඳයිනේ. මොකද ඒක දරාගන්න පුලුවන් වයසක දරාගන්න පුලුවන් මොහොතක අවබෝධයක් තියෙන කාලෙක අපිට ජීවිතයෙ හයිය ඇතිකරගන්න පුලුවන් කාලෙක එහෙම දේවල වෙන එක හොඳයි ....


Yureni -
ඒ ඔක්කොමත් එක්ක තමා මම ටික ටික දේවල් 2025 අත අරින්න පුරුදු වෙනවා.  එතකොටජීවිතේට ඇලී ගැලී නැතුව තව සැහැල්ලුවක් ජීවිතේට දැනෙනවා.

යුරේණි සමග කරන ලද සම්පූර්ණ සාකච්ජාව මතු දැක්වේ. 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...