BREAKING
Top Ad
බුකිය

මධුෂ් : උල්ලංඝනයෙන් තොරව ප්‍රමෝදය සඳහා මාවතක් නොමැත...- Mahesh Hapugoda

T

The Leader

October 21, 2020 • 4:21 AM

 මධුෂ් : උල්ලංඝනයෙන් තොරව ප්‍රමෝදය සඳහා මාවතක් නොමැත...- Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි හැමෝම එකම විදියේ ගේම් සෙල්ලම කරන්නේ නැහැ. එක් එක් අය තෝරා ගන්නා වරණයන් ඒ ඒ අයගේ සන්දර්භයන් සහ පසුබිම අනුව වෙනස් වෙනවා.
  • ඒකෙ අග මුල මැද හොඳට දැනගෙන වැඩේට එන්ටර් උන කෙනෙක්.  එයා අතින් එළොව ගිහිල්ල තියන අයත් අපමණ ඇති.
  • බේරුණු අයත් ඇති.  අපි කරුවුත් බබ්බු නෙවෙයි.
  • එයා වැඩකලේ අපි දන්නා 'පිළිවෙල' ඇතුලේ නෙවෙයි කියල අපි ඔක්කොම දන්නවනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සමහර ඒවා සමාජයට හිතවත්. සමහර ඒවා අහිතවත්. සමහර ඒවා මරණියයි. මම දැන් කියන්න හදන්නේ ඒ වගේ මරණීය දෙයක් ගැන.

මිනිස්සු සමහර ගේම් වලට බහින කොටම දන්නවා තමන් බහින්නේ මරණීය ගේමකට කියල. 

දන්නේ නැතුව පාතාලෙට බැස්ස කෙනෙක් නෙවෙයි මදූෂ්. ඒකෙ අග මුල මැද හොඳට දැනගෙන වැඩේට එන්ටර් උන කෙනෙක්. 

එයා අතින් එළොව ගිහිල්ල තියන අයත් අපමණ ඇති. බේරුණු අයත් ඇති. 

අපි කරුවුත් බබ්බු නෙවෙයි. ආයුධ පෙන්නන්න ගිහිල්ල මැරුණු පලවෙනි කෙනත් නෙවෙයි මදූෂ්.

එයා වැඩකලේ අපි දන්නා 'පිළිවෙල' ඇතුලේ නෙවෙයි කියල අපි ඔක්කොම දන්නවනේ. එතකොට ඒවාට ප්‍රතිචාර එන්නෙත් ඒ 'පිළිවෙල' ඇතුලේ නොවෙන්න පුළුවන්. 

''එයා වැඩකලේ අපි දන්නා 'පිළිවෙල' ඇතුලේ නෙවෙයි කියල අපි ඔක්කොම දන්නවනේ. එතකොට ඒවාට ප්‍රතිචාර එන්නෙත් ඒ 'පිළිවෙල' ඇතුලේ නොවෙන්න පුළුවන්. ''

මම කියන්නේ මේ 'ආයුධ පෙන්නන චිත්‍රපටය' කිසිසේත් හරි කියල කියන එක නෙවෙයි. මදූෂ් කියන්නේ මේ ක්‍රමය ඇතුලේ අහිංසක හෝ අනිවාර්යයක් නෙවෙයි කියලත් නෙවෙයි.

 හැබැයි මේ මරණ කියන්නේ මහා පුදුම නම් නෙවෙයි. හිතාගන්න පුළුවන් ඒවා. 

එයා උපන් සන්දර්භයෙන් (දුප්පත් කම, පවුල් අවුල්, සමාජ අසාධාරණය) ගොඩ එන්න එයත් කළේ පවත්නා පිළිවෙල උල්ලංඝනය කරපු එක. හරි වැරදි කතාව නෙවෙයි මේ කියන්නේ.

පොඩ්ඩක් මතක් කර ගන්න මීට ටික කලකට කලින් තිරගත වෙච්ච Sicario (2015) කියන චිත්‍රපටය.


ඇමෙරිකන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් මෙක්සිකන් මෙඩෙලින් කාටෙල් එක හඹායන කතාවක් තමයි ඒකෙ පසුබිම. 

එයාලට නෛතික ආවරණයක් අවශ්‍ය වෙනවා මෙක්සිකෝ භූමියට ගිහිල්ල සමහර ඔපරේෂන් කරන්න. 

මේ කියන ගොඩක් මෙහෙයුම් නීතියට පිටින් තියෙන්නේ. දේශසීමා නීති, සිවිල් පුරවැසි නීති, මානව අයිතිවාසිකම් වගේ විශ්වීය සම්ප්‍රදායන් සහ වගවීම් එක්ක ඇත්තටම අර කියන මෙහෙයුම් කරන්න බැහැ. 

ඒ නිසා කේට් ව එයාල වැඩේට ගාව ගන්නවා සිවිල් නෛතික ආවරණයක් තියනවා කියන්න. 

නමුත් මේ මෙහෙයුම් දියත් වෙන අනීතික විදිය ගැන කේට් ට විශාල ආචාරධාර්මික ගැටළුවක් තියනවා සහ ඇය ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

අනීතික කඩා පැනීම්, අත්අඩංගුවට ගැනීම් වගේම ප්‍රශ්න කිරීම් ගොඩක් මේ සදාචාර ගැටළුවට අන්තර් ගතයි. 

නමුත් ඒ මට්ටමේ 'උල්ලංඝනයක්' නැතුව අර කාටෙල් වල දැවැන්ත බලපෑම පාලනය කරන්නත් අමාරුයි. 

වැටයි නියරයි දෙකම ගොයම් කනවා නම්...

අපේ අයත් එහෙම තමයි. බන්ධනාගාරේ ඇතුලේ ඉඳන් ම ගේම් කොච්චර ප්ලෑන් කරනවද? 

ඒ කියන්නේ වැරදි නැවත්වීම වෙනුවෙන් පවතින නෛතික රාමුව සහ ඒවායේ ඉන්න මිනිස්සු ම ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරනවා නම්, ඒ කියන්නේ වැටයි නියරයි දෙකම ගොයම් කනවා නම්, එතකොට ඇත්තටම ඒ ක්‍රියා නවත්වන්න ඉන්න මිනිස්සු කරන්නේ කුමක් ද කියන ප්‍රශ්නේ මම හිතන්නේ අපි අමතක කරන්න හොඳ නැහැ.

කාටෙල් එකේ උන් ඔක්කොම ඉවර කරලා අන්තිමට මෙඩෙලින් ඇවිල්ල 'සියල්ල සිදුවුණේ නීතියට අනුවයි කියල' කියන ලියවිල්ලට කේට් ගෙන් අත්සන ගන්නේ පිස්තෝලේ පෙන්නලා. 

නැත්නම් කවදාහරි ඇමෙරිකන් උන් තමන් පාවල දෙයි කියල මෙඩෙලින් ට බයයි. 

ගේම් එකේ ඉන්න එකා තමයි දන්නේ වැඩේ තියෙන බරපතල කම. 

ඒ නිසා සදාචාරය කියන එක එක අතකින් පැරඩොක්ස් එකක්. ඒ කියන්නේ සදාචාරය අවශ්‍ය නැහැ කියන එක නම් නෙවෙයි. මම කියන්නේ අපි දේවල් ගැඹුරෙන් අවබෝධ කර ගන්න ඕනි කියල.

මදුෂ් බිහිවෙන සමාජ සන්දර්භය වෙනස් කරලා මීට වඩා හොඳ එකක් හදන්න කාට හරි ඕනි නම් එයාටත් පවත්නා ක්‍රමය සහ පිළිවෙල උල්ලංඝනය කරන්න වෙනවා.

''මදුෂ් බිහිවෙන සමාජ සන්දර්භය වෙනස් කරලා මීට වඩා හොඳ එකක් හදන්න කාට හරි ඕනි නම් එයාටත් පවත්නා ක්‍රමය සහ පිළිවෙල උල්ලංඝනය කරන්න වෙනවා.''

එතිකල් කෝඩ් එකක් කඩන්නේ නැතුව සියල්ල සර්ව සාධාරණ ලෙස කරන්න පුළුවන් නම් අගෙයි. ඒත් අපි ජීවත් වෙන මේ යුගය ඒ සඳහා ඉඩ දීල තියනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.

'උල්ලංඝනය නැතුව ප්‍රමෝදය සඳහා මාවතක් නැහැ' කියල කියන්නේ ඉතිං ලකාන් ම නේ....ඉතිං මදූෂ් කියන්නේ ආන්තික සමාජ පන්තියක ප්‍රමෝද නියෝජනයක් වගේම මදූෂ්ගේ මරණයත් ප්‍රමෝදයක්. 

දැන් පෙනෙන විදියට මරපු හැටිත් ප්‍රමෝදයක් වගෙයි. '...without a transgression there is no access to jouissance' (Jacques Lacan, The Ethics of Psychoanalysis).


(මහේෂ් හපුකොටුව ගේ FB පිටුවෙන් )


(පෙළ අවධාරනය අපෙන් – සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...