BREAKING
Top Ad
බුකිය

කෑගලු පැණිය නොහොත් දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ට වස්තුව.- Mahesh Hapugoda

T

The Leader

December 19, 2020 • 3:29 AM

කෑගලු පැණිය නොහොත් දෘෂ්ටිවාදයේ උත්කෘෂ්ට වස්තුව.- Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෑගලු පැණිය බිව්ව කීපදෙනෙක්ගෙන් අහල බලපුවම එයාල කියන්නේ මේ වගේ දෙයක්.
  • කොයි එකටත් හොඳයි නේ සුදානම් සරීරේ'.    විශේෂයෙන් අනතුරුදායක ලෙස කොරෝනා රෝගීන් එක්ක වැඩ කරන රජයේ සේවකයෝ මේක බීල තියනවා.    ග්‍රාම සේවක ල, සංවර්ධන නිලධාරින්, සුවසැරියේ කීප දෙනෙක්, පොලිසියේ අය ඒ අතර වෙනවා.
  • But they are doing it anyway).
  •   අනික් කෙනා විනෝද වෙනවා ඇති කියල අපි හිතන නිසා අපිත් පැණි බොනවා.    අපිත් වදකහ බොනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
'හොඳ වෙනවද නම් දන්නේ නැහැ. ඒත් ඔය හැමෝම බොනවනේ. එයාල හොඳ වෙනවා කියල කියනවා නේ. ඒ හින්ද මමත් ඔන්න ඔහේ බීලා දැම්මා. කොයි එකටත් හොඳයි නේ සුදානම් සරීරේ'. 
 
විශේෂයෙන් අනතුරුදායක ලෙස කොරෝනා රෝගීන් එක්ක වැඩ කරන රජයේ සේවකයෝ මේක බීල තියනවා. 
 
ග්‍රාම සේවක ල, සංවර්ධන නිලධාරින්, සුවසැරියේ කීප දෙනෙක්, පොලිසියේ අය ඒ අතර වෙනවා. අහඹු සාම්පලයක්. ඔක්කොම ල කෑගල්ල අවට අය.
 
 
 
නීල්ස් බෝර් මාදිලියේ කට්ටිය 
 
Neels borඒ කියන්නේ මේ ගොඩක් අය නීල්ස් බෝ මාදිලියේ කට්ටිය. 
 
නීල්ස් බෝ කියන්නේ මෙහෙම දෙයක්. 
 
'අශ්ව ලාඩම විසින් මගේ ගෙදරට යහපතක් උදා කරනවාද කියල මම දන්නේ නැහැ. හැබැයි එහෙම වෙනවා කියල අනෙක් අය හිතනවා. ඉතිං මම විශ්වාස කළත් නැතත් ඒකෙන් වැඩක් නැහැ. වැඩේ වෙනවා නම් එච්චරයි'. 
 
වෙනත් විදියකට කිව්වොත් මෙහෙමයි. 
 
'මම ඒ ගැන හිතන්නේ නැහැ. හැබැයි එහෙම වෙනවා කියල අනෙක් අය හිතනවා. ඒ කියන්නේ එයාල මම වෙනුවෙන් හිතනවා කියල මම හිතනවා. ඉතිං ඒ මම වෙනුවෙන් හිතනවා කියල මම හිතන අය වෙනුවෙන් මමත් මේස හැඳි දෙකක් ගහල දානවා'.
 
වෙනත් විදියකට කිව්වොත් මෙහෙමයි. 'මම ඒ ගැන හිතන්නේ නැහැ. හැබැයි එහෙම වෙනවා කියල අනෙක් අය හිතනවා. ඒ කියන්නේ එයාල මම වෙනුවෙන් හිතනවා කියල මම හිතනවා. ඉතිං ඒ මම වෙනුවෙන් හිතනවා කියල මම හිතන අය වෙනුවෙන් මමත් මේස හැඳි දෙකක් ගහල දානවා'.
 
එක තැනකදී පුද්ගලයා තමන් වෙනුවෙන් හිතන එක නවත්වනවා. 
 
තමන් වෙනුවෙන් හිතන එක වෙනත් කෙනෙකුට පවරනවා. 
 
දෘෂ්ටිවාදය කියල එකක් තියනවා නම් අන්න ඒක නියමෙට වැඩ කරන්න ගන්නේ මෙතැනදී. 
 
අන්න ඒකට තමයි කියන්නේ 'ඔවුන් ඒ ගැන දන්නවා. එහෙත් ඔවුන් ඒ දේම කරනවා' කියල (They know what they do. But they are doing it anyway).
 
 
ideological de-identification :
 

workersමිනිස්සු ඉන් පස්සේ නාසීන් කියන විදියට වැඩ කරන්න ගත්තා....

 
එක වෙලාවක මිනිස්සු දැනගෙන හිටියා හිට්ලර් තමයි මේ එන්නේ කියල. 
 
හැබැයි ඒ ගැන හිතන එක ඔවුන් නතර කරලා ඔවුන් වෙනුවෙන් හිතන එක බාහිර ඒජන්තයෙකුට පැවරුවා. 
 
නාසීන් තමයි ඒ බාහිර ඒජන්තයා. 
 
ඉතිං නාසීන් හිතන්න පටන් ගත්තා. 
 
මිනිස්සු ඉන් පස්සේ නාසීන් කියන විදියට වැඩ කරන්න ගත්තා.
 
එයාල දැනගෙන හිටියා නාසීන් මිණී මරනවා කියල. 
 
හැබැයි ඔවුන් හිතන එක ඒ වෙනකොට නවත්තලා තිබුණේ. 
 
තමන් ඉදිරිපිට ම සිදුවන දෙයින් පවා ඔවුන් දුරස්ථ උණා. 
 
මේකට කියන්නේ 'දෘෂ්ටිමය නිර්-අනන්‍යවීම' කියල (ideological de-identification).
 
''මම දන්නවා මේ පැණි වලින් කොරෝනා හොඳ වෙන්න විදියක් නැහැ කියල. හැබැයි දැන් මම ඒ දැනුමෙන් ම දුරස්තයි. ඈතයි.''
 
මම දන්නවා මේ පැණි වලින් කොරෝනා හොඳ වෙන්න විදියක් නැහැ කියල.
 
 හැබැයි දැන් මම ඒ දැනුමෙන් ම දුරස්තයි. ඈතයි.
 
 දැන් මම ඉන්නේ දෙකට පැලිලා. 
 
මගේ එක පැවැත්මක් පැණි බොනවා. 
 
අනෙක් පැවැත්ම කියනවා ඕක හරියන්නේ නැහැ අර වැක්සින් එක ආවම ඔන්න ඔහේ ගහගන්නවා කියල. 
 
මේ පැණි බොන මම සහ වැක්සින් ගහන මම කියන්නේ එක්කෙනෙක් වගේ පෙනුනට ඒ එක්කෙනෙක් ම නෙවෙයි. දෙන්නෙක්.
 
එක්කෙනෙක් තමයි 'දන්නා මම' (දැනුවත් මම - conscious I). අනෙකා තමයි 'විශ්වාස කරන මම' (අනෙකා මම වෙනුවෙන් හිතනවා කියල හිතන මම - belief through the Other). ඇමතිවරුත් බොනවනේ. ඒ හින්ද මමත් බොනවා. මේ විදියට තමයි වැඩේ නැගල යන්න පටන් ගන්නේ. 
 
''මේ පැණි බොන මම සහ වැක්සින් ගහන මම කියන්නේ එක්කෙනෙක් වගේ පෙනුනට ඒ එක්කෙනෙක් ම නෙවෙයි. දෙන්නෙක්.
එක්කෙනෙක් තමයි 'දන්නා මම' (දැනුවත් මම - conscious I). අනෙකා තමයි 'විශ්වාස කරන මම' (අනෙකා මම වෙනුවෙන් හිතනවා කියල හිතන මම - belief through the Other). ඇමතිවරුත් බොනවනේ. ඒ හින්ද මමත් බොනවා. මේ විදියට තමයි වැඩේ නැගල යන්න පටන් ගන්නේ.''
 
මේ විදියට ගත්තම අපි හැමෝම අපි වෙනුවෙන් හිතන්නේ නැහැ. 
 
අනිත් කෙනා හරහා හිතනවා. 
 
අනිත් හැමෝමත් එහෙම හිතනවා. 
 
අන්තිමට කවුරුවත් හිතන්නේ නැතුව යනවා. 
 
සිතීම නතර වෙලා අනික් සියල්ල පවතින්න ගන්නවා.
 
මේ විදියට නොහිතන අප නිසා ඕනෑම පැණියක් නැගල යනවා වගේම ඕනෑම සබන් කැටයක් ද නැගල යනවා. 
 
ඒ කාලේ වදකහ කියන්නෙත් මේ වගේම දෙයක්.
 
අනික් කෙනා විනෝද වෙනවා ඇති කියල අපි හිතන නිසා අපිත් පැණි බොනවා. 
 
අපිත් වදකහ බොනවා. වදකහ වයිරල් වෙනවා.
 
 මේ කාලේ වයිරල් වෙන හැම දෙයක් පස්සේ ම මේ 'නොසිතන මම' ඉන්නවා.
 
මමත් නොහිතන, අනෙක් කෙනත් නොහිතන, එහෙත් අපි හැමෝම කරන සහ එහෙම කරන්න පාදක වෙන දෙයට අපි 'උත්කෘෂ්ට වස්තුව' (sublime object) කියල කියනවා. 
 
මිනිස්සු ඒ වටා රොක් වෙනවා. 
 
ඒ එක්ක ජනප්‍රියවාදී දේශපාලනය පටන් ගන්නවා. 
 
දන්නෙම නැතුව වැඩේ නැඟල යනවා.
 
බැන බැන ඉන්නේ නැතුව එහෙම 'පෝස්ට්මොඩන් වස්තුවක්' හොයා ගත්තොත් අපිත් ගොඩ යනවා...? 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ) 
සමාජ හා දේශපාලන විශේලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්)
  
 
කියවන්න 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...