‘දිනන දකුණ’ සාමූහිකය සහ ‘නිදහස් නීතිඥයෝ’ සංවිධානය එක්ව මෙහෙයවන මෙම සාමූහික ක්‍රියාකාරීත්වය හුදු ආණ්ඩු විරෝධී සටන් පාඨයකින් ඔබ්බට ගිය, ගැඹුරු දේශපාලනික සහ ආර්ථික කියවීමක් සමාජගත කිරීමේ උත්සාහක් බව එම සංවිධාන පවසයි.
මෙම විරෝධතාවය වත්මන් මාලිමා ආණ්ඩුවේ දේශපාලන ගමන් මඟට එල්ල වන සෘජු පණිවිඩයකි. බලයට පැමිණීම සඳහා පැරණි සාම්ප්‍රදායික දේශපාලන උපක්‍රම (Old Normal Tools) හරහා ජනතාවගේ අපේක්ෂාවන් අසීමිත ලෙස ඉහළ නැංවූ පාලනයට, දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ රටේ සැබෑ මූල්‍ය ධාරිතාවය සහ ණය බර මත පදනම් වූ ‘නව සැබෑ යථාර්ථයට’ (New Actual Reality) ය.
සංවිධායකයින් මතුකරන ප්‍රධාන කරුණු
හුදු සටන් පාඨයකින් එහා ගිය සංඥාවක්:
"දැන් නම් අමාරුයි" යන්න හුදු දේශපාලන සටන් පාඨයක් නොවේ. එය රට තුළ ඔඩුදුවමින් පවතින පද්ධතිමය බිඳවැටීමට (Systemic Collapse) තිරසාර විකල්ප සැපයීමට වත්මන් පාලනයද අසමත් වෙමින් පවතින බවට කෙරෙන පුරවැසි අනතුරු ඇඟවීමකි.
සිවිල් සහ වෘත්තීය බලවේග ඒකාබද්ධ වීම:
‘දිනන දකුණ’ සිවිල් සංවිධානය සමඟ ‘නිදහස් නීතිඥයෝ’ වැනි වෘත්තීයවේදීන් සක්‍රීයව වීදි බැසීම හරහා පෙන්නුම් කරන්නේ, මෙම පීඩනය සමාජයේ පහළ ස්ථරයේ සිට ඉහළ වෘත්තීය මට්ටම් දක්වා එක ලෙස දෝංකාර දෙන බවයි.
අසහනය පිටකරන කපාටයක්:
පාලකයන් මෙන්ම විපක්ෂයද පුරවැසියාගේ මෙම බිඳවැටීම ගැඹුරින් විග්‍රහ කරගත යුතුව ඇත. අද දින පැවැත්වෙන විරෝධතා මාලාව ජනතාවගේ මේ දැවෙන අසහනය පිටතට ගලා යන ආරක්ෂිත කපාටයක් (Pressure Valve) ලෙස ක්‍රියා කරයි.




