The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

‘ආනයන බද්දට දවස් 10කට කලින් ළූණු ටොන් 18,000ක් අල ටොන් 23,000ක් ගෙන්වලා’ !

T

The Leader Desk

August 29, 2025 • 6:14 AM

‘ආනයන බද්දට දවස් 10කට කලින් ළූණු ටොන් 18,000ක් අල ටොන් 23,000ක් ගෙන්වලා’ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව කියා සිටියේ, කොළඹ සජබ කාර්යාලයේදී ඊයේ (අගෝ.
  • මේ හේතුවෙන් බදු අය කිරීමට පෙර ආණ්ඩුවට හිතවත් කූට ව්‍යාපාරිකයන් අල සහ ළුණු තොගයක් ලංකාවට ගෙනැවිත් අවසන් බවත් ඔහු කීවේය.
  • පසුගිය දින 10 තුළ ළූණු ටොන් 18,000ක් සහ අර්තාපල් ටොන් 23,000ක් බද්ද අය කිරීමට පෙර ලංකාවට ගෙන්වා ඇති බව දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු සඳහන් කළේ ය.
  • ඒ අනුව, දේශීය ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න විකුණා ගැනීමට වෙළෙඳපොළක් නැති වී යන බව ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එබව කියා සිටියේ, කොළඹ සජබ කාර්යාලයේදී ඊයේ (අගෝ. 28) පැවති මාධ්‍ය හමුවකදීය.

මේ හේතුවෙන් බදු අය කිරීමට පෙර ආණ්ඩුවට හිතවත් කූට ව්‍යාපාරිකයන් අල සහ ළුණු තොගයක් ලංකාවට ගෙනැවිත් අවසන් බවත් ඔහු කීවේය.

පසුගිය දින 10 තුළ ළූණු ටොන් 18,000ක් සහ අර්තාපල් ටොන් 23,000ක් බද්ද අය කිරීමට පෙර ලංකාවට ගෙන්වා ඇති බව දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු සඳහන් කළේ ය.

ඒ අනුව, දේශීය ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්න විකුණා ගැනීමට වෙළෙඳපොළක් නැති වී යන බව ඔහු කීය.

ආණ්ඩුව බරපතළ ලෙස රටේ ගොවීන් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත් දුක් විඳ බැංකුවලට ණය වී ලබාගත් අස්වැන්න විකුණා ගැනීමට අවස්ථාවක් නොදී ආණ්ඩුවට හිතවත් කූට වෙළෙන්දන්ට වෙළෙඳපොළ විවෘත කර දී තිබෙන බවටත් ඔහු චෝදනා කළේ ය.

ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී, පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලය ආර්ථික වශයෙන් ශක්තිමත් කළ ආණ්ඩුවට ශක්තිය ලබා දුන් කූට ව්‍යාපාරිකයන් වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවටත් වඩා වැඩි වේගයකින් වර්තමාන ආණ්ඩුව ආරක්ෂාව සලසමින් සිටින බවටත් ඔහු තවදුරටත් චෝදනා කළේ ය.

( mawbima | Sachithra Perera)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...