The Leader News
BREAKING
සිරසේ සමුළුවට කෝටි 10ක්: කැබිනට් තීන්දුව සහ විවාදය●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයා මැදිකර පැනනැඟුණු ආණ්ඩුවේ නියාමන අභියෝගය●කළු මුහුදේ යුද ගිනි දැල් නේටෝ දේශසීමා අසලට●ඇමෙරිකානු කොංග්‍රස් සටන: ට්‍රම්ප් පාලනයට තීරණාත්මක ජනවරමක්●Diginote: බදු හිඟය ට්‍රිලියන 2.1යි: අයිඑම්එෆ් අනතුරු අඟවයි●රජු විකුණූ අශ්වයා ඕස්ට්‍රේලියාවේ සුපිරි තරගය දිනයි●HSBC - NTB ගිණුම් මාරුවෙන් වෘත්තිකයන්ගේ වරප්‍රසාද කප්පාදුවක්●චමින්ද කුලරත්නගේ පෙත්සම යළි අධිකරණය හමුවට●ඉන්දුනීසියානු ආයෝජන දැවැන්තයන්ට ශ්‍රී ලංකාවෙන් විශේෂ ඇරයුමක්●පොලිතින් බෑගයේ මිල වෙළෙන්දාටද? රජයටද? ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙයි●
Top Ad
පුවත්

දෙමළ දේශපාලන සිරකරුවන් 12 ක් උපවාසයේ : ආණ්ඩුව 'ව්‍යාජ රංගනයක' !

T

The Leader Desk

September 8, 2022 • 4:40 AM

දෙමළ දේශපාලන සිරකරුවන් 12 ක් උපවාසයේ : ආණ්ඩුව 'ව්‍යාජ රංගනයක' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙනකු තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අඟහරුවාදා (6) සිට උපවාසයක් ආරම්භ කොට තිබේ.
  • දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් පවසා තිබුනේ සුළු වැරදිවලට සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකුට නිදහස ලබා දීමට ආණ්ඩුව පළමු පියවර තබා ඇති බවයි.
  • ත්‍රස්තපනත යටතේ සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ගැන හිටපු විනිසුරු අශෝක ද සිල්වා සකස් කළ වාර්තාවක් ලැබුණු පසු ඔවුන් මුදා හරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනුග්‍රහයක් දක්වන විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.
  • ''සමාජ මාධ්‍යවල අදහස් හුවමාරු කරගත් නිසා 2017 සිට 2019 අවුරුදු වල දී PTA යටතේ අත් අඩංගුවට ගත්තු අයත් එක්ක අවුරුදු 12 සිට 27 දක්වා සිරකරගෙන සිටින දේශපාලන සිරකරුවන් 46 දෙනාගේ නිදහස තවත් පමා කිරීම නොකළ යුතුයි,'' යැයි ජනාධිපති නීතිඥ තවරාසා ආණ්ඩුවට අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

12 දෙනකු තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අඟහරුවාදා (6) සිට උපවාසයක් ආරම්භ කොට තිබේ.

jds a
jdsfg

දෙමළ දේශපාලන සිරකරුවන් ගැන ආණ්ඩුව 'ව්‍යාජ රංගනයක'?


ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින  දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආණ්ඩුවේ තවත් ව්‍යාජ රංගනයක් දැයි ප්‍රකට දෙමළ නීතිවේදියකු ප්‍රශ්න කර තිබේ.

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් පවසා තිබුනේ  සුළු වැරදිවලට සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකුට නිදහස ලබා දීමට ආණ්ඩුව පළමු පියවර තබා ඇති බවයි.

හමුදා පාලනයක අනතුර ගැන විග්නේශ්වරන් අනතුරු අඟවයි
ත්‍රස්තපනත යටතේ සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ගැන හිටපු විනිසුරු අශෝක ද සිල්වා සකස් කළ වාර්තාවක් ලැබුණු පසු ඔවුන් මුදා හරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනුග්‍රහයක් දක්වන විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.


දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට වත්මන් ආණ්ඩුව කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ කේ.වී.තවරාසා පවසන්නේ යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී ත් මෙවැනි අයුරින් රඟ දැක්වීමක් වූ බවයි.

 

''සමාජ මාධ්‍යවල අදහස් හුවමාරු කරගත් නිසා 2017 සිට 2019 අවුරුදු වල දී PTA යටතේ අත් අඩංගුවට ගත්තු අයත් එක්ක අවුරුදු 12 සිට 27 දක්වා සිරකරගෙන සිටින දේශපාලන සිරකරුවන් 46 දෙනාගේ නිදහස තවත් පමා කිරීම නොකළ යුතුයි,'' යැයි ජනාධිපති නීතිඥ තවරාසා ආණ්ඩුවට අවධාරණය කරයි.

 

''යහපාලන ආණ්ඩුව  දෙමළ දේශපාලන සිරකරුවන් 217 ක් නිදහස් කරන බවට දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වුණා. සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණු නඩු පවරන්න තරම් සාක්ෂි නොමැති 61 දෙනෙක් ඇප මත මුදා හැරියා. තවත් 23 දෙනෙක් පුනරුත්තාපනයට යවලා නිදහස් කරා කියලා රිපෝර්ට් එකක් හැදුවා.''

ජනාධිපති නීතිඥ තවරාසා මාධ්‍ය වෙත  පෙන්වා දෙන්නේ නීතිපතිවරයා විසින් උසාවියට ගොනු කළ අසත්‍ය වාර්තා මගින් ත්‍රස්ත පනත යටතේ දඩුවම් පනවා ඇති සහ මහාධිකරණයේ නඩු පවරා විමර්ෂණය කෙරෙන දෙමළ දේශපාලන සිරකරුවන් කිසිවෙක් මේ දක්වා නිදහස් කර නොමැති බවයි.

යහපාලන ආණ්ඩු සමයේදීත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු ලබා දෙන විට අධිකරණ ඇමතිවරයා වුයේත් විජේදාස රාජපක්ෂ බවද නීතිඥ තවරාසා පෙන්වා දෙයි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...