කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්‍රික් බහු පාර්ශ්විය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනුරුත්ථාපන වැඩසටහනේදී මේ බව අනාවරණය කෙරුණි.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක සඳහන් කළේ,
"අවදානම් ළමයින් සම්බන්ධයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම පොලිස් ස්ථානවලින් මේ වෙනකොට ළමයින් හඳුනගෙන අපිට යොමු කරපු ප්‍රමාණයකුත් ඉන්නවා. මේකෙදී අපි දකින ලොකුම ගැටලුව තමයි හැම තැනම අන්තර් සම්බන්ධීකරණය වෙනවා අඩුවීම. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වගේ ඒකට බඩෝවිට සහ තවත් ප්‍රදේශවලට නිලධාරීන්ටවත් යන්න පුළුවන්කමක් නැහැ.
මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,
"ඇත්ත කතාව.. පොලීසිය කියන තොරතුරු අනුව.. කවුරුවත් මේකට ගිහින් හොයලා බලන්නේ නැහැ. ඔය කියන කතාව මම පිළිගන්නේ නැහැ. හේතුව මේ අය අතිශය අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේකට සක්‍රීය වැඩසටහනක් අවශ්‍යයි. මෙතනින්නේ පාතාලය නිර්මාණය වෙන්නේ.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මෙලෙස අදහස් දැක්වීය.
"මේ ළමුන් අනාරක්ෂිත වෙලා තිබුණේ මව්වරුන් විදේශගතවීම නිසා. වර්තමානයේ ඒක වෙනස්වෙලා තියෙනවා.. ගොඩාක් මව්වරු ලංකාවේ ඉන්නවා හැබැයි ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවෙලා. උදේට දරුවන්ට පාසල් යන්න ඒ අය අවදි වෙන්නේ නැහැ. එවැනි හේතු ගොඩාක් බලපාලා තියෙනවා. ඔබේසේකරපුර.. වැලිකඩ පොලිස් වසම පිටුපස අපි මෙවැනි තත්ත්වයන් හඳුනගත්තා."
| adaderana




