විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ තෙවැනි තැන ගන්නා සමුහ සුසානයේ දෙවැනි අදියරේ කැනීම් කටයුතු යළි ආරම්භ කළ අගෝස්තු 25 වැනිදා හවස් යාමයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ භුමියේ සිදු කළ ස්කෑන් පරීක්ෂණට අදලාව අද දිනයේ කැනීම් භුමියේ වපසරිය පුළුල් කිරීමේ කටයුතු සිදු කළ බවයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම වෙනුවෙන් කෙරෙන ස්කෑන් පරීක්ෂණ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සහාය ඇතිව 2025 අගෝස්තු 4 සහ 5 යන දෙදින තුළ සිදු කර තිබුනි.
අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත අගෝස්තු 14 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවක් උපුටා දක්වන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසන්නේ දැනට කැන ඇති ප්‍රදේශයෙන් පිටතත් තව දුරටත් මිනිස් අස්ථි පැවැතිය හැකි බවට සාධක භූගර්භ සෝදිසියකින් හෙළිවී ඇති හෙයින් කැනීම් කටයුතු දිගටම සිදු කරගෙන යෑම සදහා තවත් සති අටක කාලයක් ඉල්ලා තිබු බවයි.
අගෝස්තු 25 වැනිදා හවස් යාමයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දෙවැනි අදියරේ කැනීම් කටයුතු දින 32 ක් පුරා සිදු කිරීමෙන් පසු කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා අගෝස්තු 06 වැනිදා සිට විමර්ශන කටයුතු තාවකාලිකව නතර කරන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 150 දෙනෙකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන අධිකරණයට බාර දී තිබු බවයි.
කැනීම් කටයුතු ආරම්භ කළ මුල්ම ස්ථානය වන වෝහාරික කැනීම් භුමිය 1 න් පුද්ගලයන් 141 දෙනකුට අයත් අස්ථි හා වෝහාරික කැනීම් භුමිය 2 න් පුද්ගලයන් 9 දෙනකුට අයත් අස්ථි ගොඩ ගෙන තිබු බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.








