කතුන් මූලීකත්වය කර ගත් පවුල්වලට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා
එම වාර්තාව පෙන්වා දෙයි.
මෙරට පවුල් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් බඩගින්න නිවා ගැනීම සඳහා ගන්නා ආහාර වේල් ගණන අඩු කිරීමට, ආහාර වේලක් සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට හෝ තමන් කැමති ආහාර ගැනීම අඩුකිරීමට පෙළඹී තිබෙන බවද ලෝක ආහාර වැඩසටහනේ දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික පවුල්වලින් හතරෙන් එකක් ප්‍රමාණවත් ආහාර වේල් නොගන්නා බවත් මෙම හේතු නිසා නිසි බර නොමැතිවීමෙන් වයස අවුරුදු 5ට අඩු ළමයන් තුල හට ගන්නා මන්ද පෝෂණය ඉහළ ගොස් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.
සියයට 12.2 ක්වූ වයස අවුරුදු 5ට අඩු ළමයන් තුළ මන්ද පෝෂණය සියයට 17 දක්වා 2021 සිට 2024 වසර දක්වා කාලයේදී ඉහළ ගොස් ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවට අතීතයෙන් මිදීමට අවස්ථාවක් උදාවී තිබෙන බවත් මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී ඇතුළුව මෙතෙක් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන සහ අපරාධ සම්බන්ධයෙන් රජයට, ආරක්ෂක අංශවලට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය වැනි සන්නද්ධ කල්ලිවලට තිබෙන වගකීම ඒ ඒ පාර්ශ්ව නිල වශයෙන් පිළිගැනීමෙන් එයට ආරම්භයක් ලබාගත හැකි බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝකර් ටර්ක් සිය නිවේදනය මගින් කියා සිටියි.
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය මෙන්ම වංචා, දූෂණ හේතුවෙන්ද ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.
ආර්ථික අර්බුදයත් සමග 2021 සිට 2024 දක්වා කාලය මෙරට දුගීභාවය දෙගුණයකින් සියයට 24.5 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය ආහාර අනාරක්ෂිතතාවයටද හේතුවක් වී ඇති බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වතුකරයේ මලයහ දෙමළ ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට, විශේෂයෙන් දරිද්‍රතාවයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූවන් සහ වෙනත් අවදානම් සහිත තත්වයන් යටතේ සිටින පුද්ගලයන්ට, ආර්ථික අර්බුදයේ සහ වත්මන් ණය බරෙහි බරපතල බලපෑම් පිළිබඳව ද මෙම වාර්තාව විශ්ලේෂණය කර ඇත.
(උපුටා ගැනීම් - lankadeepa)
Sri Lanka has opportunity to break from past – Türk
To read the full report :
A/HRC/60/21: - Situation of human rights in Sri Lanka - Comprehensive report of the United Nations High Commissioner for Human Rights - Advance unedited version
Broadcast quality video here :




