The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇඟේ වෛරය රටට දායාද කළ ලුවී සමුගනී!

T

The Leader Desk

April 20, 2023 • 6:59 AM

ඇඟේ වෛරය රටට දායාද කළ ලුවී සමුගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 - 3 - 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබේ.
  • ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු ලෙස ද ප්‍රසිද්ධය.
  • ''ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන්නෙ මගේ වීරයෙක්'' - චින්තන ධර්මදාස ලුවී වැන්ඩස්ට්‍රාටන් ගේ අභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර ඇත.
  • මුලින්ම ගිහින් ලුවීගේ ඇගේ වෛරය හෝල් එකේ බලද්දි ඇතිවුණු කුතුහලය, ආශාව මුසු හැගීම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):



බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 - 3 - 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබේ.

ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු ලෙස ද ප්‍රසිද්ධය.

 

dgf


''ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන්නෙ මගේ වීරයෙක්'' - චින්තන ධර්මදාස


ලුවී වැන්ඩස්ට්‍රාටන් ගේ අභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර ඇත.

'' ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන්නෙ මගේ වීරයෙක්. මුලින්ම ගිහින් ලුවීගේ ඇගේ වෛරය හෝල් එකේ බලද්දි ඇතිවුණු කුතුහලය, ආශාව මුසු හැගීම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. අපේ රටට නුහුරු, අවර ගණයේ යැයි සම්මත ඒ නිදහස් සරාග සිනමාව ලංකාවට ගෙනාවෙ ලුවී. හැබැයි ලුවී එක්ක අපි ඒ දවස්වල ගරිල්ලා සඟරාව වෙනුවෙන් කරපු සාකච්ඡාවකදි පැහැදිලි වුනේ තමන් කරමින් ඉන්නෙ කුමක්ද කියන එක ගැන ලුවීට ඒ තරම් දැනීමක් නොතිබුනු බවයි. ඒත් කලාව හෝ දේශපාලන විෂයන්වල දන්නා අයට වඩා ක්‍රියාවේ යෙදෙන්නන් බොහෝ වටිනවා කියන එකයි මගේ පිළිගැනීම.

ඊට පස්සෙ ලුවී කළ බොහෝ චිත්‍රපටි මං එළව එළවා බැලුවා. කවදා හරි ලුවී ලංකාවෙ ටින්ටො බ්‍රාස් වගේ වෙයි කියල මං බලාපො‍රොත්තුවෙන් හිටියා. ඒත් ඒක එහෙම වුනේ නැති හින්ද මංවත් තව ටිකක් ලොකු වුනාම ට්‍රයි එකක් දෙනවා.

ලුවීගේ ෆිල්ම් මම එක එක හෝල්වල බලලා තියෙනවා. සමහර හෝල්වල සරමක් ඇඳගෙන ඇවිත් ස්වයං වින්දනයේ යෙදෙන ගැලරියෙ මිනිස්සුත් එක්ක යාබද අසුනක ඉඳගෙන මං ඒ ෆිල්ම් බලලා තියෙනවා. බෙලෙක්කඩේ හන්දියෙ තිබුනු පද්මා වගේ හෝල්වල ලුවීගෙ ෆිල්ම් බලද්දි අනුරාගයෙන් මත්වෙන ‍ඕඩියන්ස් එකේ එතනම පෙරලගන්න දර්ශන මං දැකලා තියෙනවා. ඉන්ටර්නෙට් පෝrn ආදිය නැති ඒ කාලෙ ලුවී කියන්නෙ දෙවියෙක්.

සිනමාව ගැන කතා කරන විදග්ධ සම්මන්ත්‍රණවල ලුවී ගැන කතා කරන්නෙ නෑ. ඒත් ලුවී, ඔයා මාව ඉන්ස්පයර් කරපු චරිතයක්. කවදා හරි මං කරන චිත්‍රපටියක් ලුවී වැන්ඩස්ට්‍රාටන් නමට පිදේවි.''

සුබ ගමන් ලුවී!



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...