The Leader News
BREAKING
රුපියල් බිලියන 600ක දේශීය අධිවේගී මාර්ග වැඩසටහනේ සැබෑ ආර්ථික බර කාටද?●බංග්ලාදේශයේ මංගල ඩොලර් බැඳුම්කරයට 8.5% ක ඉහළ පොලී අවදානමක්●ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දෙකක් අවසන් සටන්වලට: 2035 ලෝක කුසලානය එක්සත් රාජධානියට●ලෝකයේ දැවැන්තම වෙළෙඳ හවුලට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්●කොළඹ කසළ අර්බුදය පසුපස වාහන සහ සේවක හිඟයක්●නිල ඇඳුමට මුවා වී දැරියක බිලිගත් උප පොලිස් පරීක්ෂකට වසර 50ක සිරදඬුවම්●මිතුරාගේ දරුවා අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර දහයක සිරදඬුවම්●ජයරත්න සමූහයේ අධ්‍යක්ෂවරියකට අපහාස කළැයි කියන සැකකරු රිමාන්ඩ්●උද්ධමනය යළි ඉහළට: ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව අභියෝගයක ●ඉන්දීය සාගරයේ 6.5 භූකම්පනයෙන් ලංකාවට සුනාමි අවදානමක් නැහැ●
Top Ad
Economy

ලෝකයේ දැවැන්තම වෙළෙඳ හවුලට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්

Pasan

Pasan

November 24, 2026 • 9:20 PM

ලෝකයේ දැවැන්තම වෙළෙඳ හවුලට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ බලවත්ම ආර්ථික කලාපයක් සමඟ අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකාව තැබූ පියවර දැන් තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.
  • 'ආර්සෙප්' (RCEP) නමින් හඳුන්වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට නුදුරේදීම හිමිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී දැඩි විශ්වාසය පළ කළේය.
  • අපගේ ඉල්ලීම ඇගයීමට RCEP සංවිධානය විශේෂ කමිටුවක් පවා පත් කර ඇති බව අමාත්‍යවරයා සභාවට අනාවරණය කළේය.
  • චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ආසියාන් (ASEAN) රටවල් 10කින් සමන්විත ප්‍රබල රටවල් 15ක් මෙහි සාමාජිකයෝ වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයේ බලවත්ම ආර්ථික කලාපයක් සමඟ අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකාව තැබූ පියවර දැන් තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.

 'ආර්සෙප්' (RCEP) නමින් හඳුන්වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට නුදුරේදීම හිමිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී දැඩි විශ්වාසය පළ කළේය.

මේ සඳහා ශ්‍රී ලංකාව දැනටමත් නිල වශයෙන් අයදුම් කර අවසන්ය. අපගේ ඉල්ලීම ඇගයීමට RCEP සංවිධානය විශේෂ කමිටුවක් පවා පත් කර ඇති බව අමාත්‍යවරයා සභාවට අනාවරණය කළේය.

මොකක්ද මේ RCEP වෙළෙඳ හවුල?

සරලවම කිවහොත්, මෙය රටවල් කිහිපයක් එක්වී තීරුබදු අඩු කරගනිමින්, බාධාවකින් තොරව භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්නා දැවැන්ත වෙළෙඳ පොළකි.

චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ආසියාන් (ASEAN) රටවල් 10කින් සමන්විත ප්‍රබල රටවල් 15ක් මෙහි සාමාජිකයෝ වෙති.

ලෝක ජනගහනයෙන් මෙන්ම ලෝක ආර්ථිකයෙන් (GDP) 30%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන මෙම හවුලට එක්වීම, අපේ රටේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට යැවීමට විශාල දොරටුවක් විවර කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පැරණි ගිවිසුම්වලට මොකද වෙන්නේ?

මෙරට වෙළෙඳ ප්‍රතිපත්තිය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා තවත් වැදගත් කරුණක් හෙළි කළේය. පසුගිය කාලයේ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම්වල (FTAs) ඇතැම් කොන්දේසි පිළිබඳව රජයට ගැටලුකාරී තත්ත්වයන් මතුවී තිබේ.

එම ගිවිසුම් යළි සමාලෝචනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තා දැන් ලැබී ඇත. ඒ අනුව ඉදිරි පියවර තීරණය කිරීමට අනුකමිටු කිහිපයක්ද පත් කර තිබේ.

අලුත් වෙනස ලබන වසරේ සිට

රටේ දේශීය කර්මාන්ත ආරක්ෂා වන පරිදි සහ රටට වාසිදායක වන අයුරින් මෙම වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි තීරණ ගැනීම රජයේ අරමුණයි.

සමාලෝචනය කරන ලද නව වැඩපිළිවෙළ ලබන වසර ආරම්භය වන විට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.

මෙය මෙරට අපනයන ක්ෂේත්‍රයේ නව පිබිදීමකට හේතු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...