The Leader News
BREAKING
Top Ad
පුවත්

ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන සුදානමක් !

T

The Leader Desk

August 15, 2025 • 3:55 PM

ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
  • ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
  • ඒ වගේම මෙම මැණික්වලින් විශාල ප්‍රමාණයක් හමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්.
  • නමුත් රත්නපුරට හිමි එම ගෞරවය ලැබී ඇති දැයි අප විමසිය යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් “Gem City Ratnapura- 2025” මැයෙන් 2025 අගෝස්තු මස 15, 16 හා 17 තෙදින පුරා පැල්මඩුල්ල ග්‍රෑන්ඩ් සිල්වරේ හෝටලයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශනය, ලෝකයේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විවිධ වර්ගයේ මැණික්, මැණික් හා ස්වර්ණාභරණ කැණීම් සහ සැකසීම් ක්‍රමවේදයන්, පරීක්ෂණාගාර සේවා මෙන්ම ක්ෂේත්‍රයේ පුහුණු හා අධ්‍යාපන අවස්ථාවන්ගෙන් සමන්විතව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.  

“ශ්‍රී ලංකාව මැණික් සඳහා මුළු ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මෙම මැණික්වලින් විශාල ප්‍රමාණයක් හමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. නමුත් රත්නපුරට හිමි එම ගෞරවය ලැබී ඇති දැයි අප විමසිය යුතුයි. උසස් තත්වයේ මැණික් අපනයනයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය විශාලයි" යනුවෙන්ද අගමැතිවරිය කීවාය.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පළමු රජයේ වෙළඳ වෙබ් අඩවිය වන www.gemcityratnapura.com වෙබ් අඩවිය GOV PAY නවතම පහසුකම සහිතව එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණ.

chthyrth| මෙම සභාව ඇමතූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අපනයන අපේක්ෂිත දායකත්වය ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා යන අසීරු ගමනේ, දියමන්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය හා රළු මැණික් වර්ග සෘජු ව අපනයනය සඳහා නව නීති සකස් කිරීම ඇතුළු නව ප්‍රතිපත්ති රැසක් දැනටමත් සම්පාදනය කරමින් පවතින බව පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න මහ නායක හිමි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරිය හා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 chrterff
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...