The Leader News
BREAKING
Top Ad
පුවත්

‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා - බලශක්ති ඇමති

T

The Leader Desk

August 15, 2025 • 4:25 PM

‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා - බලශක්ති ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි ව්‍යාපෘතියකට ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද (15) පැවසීය.
  • මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි එසේ සඳහන් කළේය.
  • ‘අදානි’ සමාගමට එහිදී මන්නාරමේ මෙගාවොට් 250 ක සහ පුනරින්වල මෙගාවොට් 234 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකකට ඉඩම් වෙන්කර තිබූ බවත් එම සමාගම මේ වන විට එම ව්‍යාපෘති දෙකෙන්ම ඉවත්ව ඇති බවත් අමාත්‍යවරයා කීය.
  • එම ඉඩම් දෙක අවශ්‍යතාව මත ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ‘අදානි’ සමාගමට හෝ වෙනත් ඕනෑම සමාගමකට ප්‍රදානය කළ හැකි බවත් එහිදී සාර්ථක සහ අඩුම මිලට ටෙන්ඩරය ප්‍රදානය කරන බවත් අමාත්‍ය ජයකොඩි පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

විදුලි ව්‍යාපෘතියකට ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද (15) පැවසීය.

මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි එසේ සඳහන් කළේය.

‘අදානි’ සමාගමට එහිදී මන්නාරමේ මෙගාවොට් 250 ක සහ පුනරින්වල මෙගාවොට් 234 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකකට ඉඩම් වෙන්කර තිබූ බවත් එම සමාගම මේ වන විට එම ව්‍යාපෘති දෙකෙන්ම ඉවත්ව ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම ඉඩම් දෙක අවශ්‍යතාව මත ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ‘අදානි’ සමාගමට හෝ වෙනත් ඕනෑම සමාගමකට ප්‍රදානය කළ හැකි බවත් එහිදී සාර්ථක සහ අඩුම මිලට ටෙන්ඩරය ප්‍රදානය කරන බවත් අමාත්‍ය ජයකොඩි පැවසීය.  

මන්නාරම් දූපත තුළ ඇති ඉඩම දූපතේ ජනතා නියෝජතයන්ගේ කැමැත්ත මත එම ව්‍යාපෘතියට යොදාගැනීමට පසුගිය 13 වැනිදා ජනාධිපවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍ය කුමාර ජයකොඩි, පුනරින්වල ඇති ඉඩම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බව ද සඳහන් කළේය.

පුනරින්වල ඉදිරිකිරීමට නියමිතව තිබූ මෙගාවොට් 234 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධව මේ වන විට ගැටලුවක් ඇති බවත් ඒ අනුව සම්ප්‍රේෂණ මාර්ග සම්පූර්ණ කිරීමට අවශ්‍ය මුලික වැඩකටයුතු කරගෙන යන අතරේම එම ව්‍යාපෘතියට නැවත ටෙන්ඩර් කැඳවිය  හැකි බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වැඩි දුරටත් සඳහන් කළේය.  


මන්නාරමේ ‘සුළං’ විදුලි ව්‍යාපෘති ගැටලුවට කමිටුවක්

කෙරෙන ‘සුළං’ විදුලි ව්‍යාපෘති දෙකක සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

එම කමිටුවට පරිසර අමාත්‍යංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුම, මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන මණ්ඩලය, භූ විද්‍යා, සමීක්‍ෂණ හා පතල් කාර්යංශය යන ආයතනවලින් නිලධාරියා බැගින් සහ විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ඇතුළත් බවත් එම කමිටුව ලබන සතියේ රැස්වී සතියක් තුළ ප්‍රශ්නවලට දියහැකි විසඳුම් සහ ඒවා දියහැකි කාලය සම්බන්ධ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් බවත් ලේකම්වරයා කීය.

මාසයක් තුළ කමිටු වාර්තාව ලබාගෙන අවශ්‍ය විසඳුම් ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
 
( lankadeepa | යොහාන් භාසුර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...