The Leader News
BREAKING
Top Ad
පුවත්

අර්බූදයෙන් රට ගොඩගන්න එකමුතු විය යුතු බව විපක්ෂනායක සජිත් කියයි

T

The Leader Desk

August 15, 2025 • 5:10 PM

අර්බූදයෙන් රට ගොඩගන්න එකමුතු විය යුතු බව විපක්ෂනායක සජිත් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරටියේ නන්ද මහාහිමිපානන් වහන්සේ වෙනුවෙන් පැවැති යථිවර සම්භාවනා වැඩසටහන හා එක්වෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරටියේ නන්ද මහාහිමිපානන් වහන්සේ වෙනුවෙන් පැවැති යථිවර සම්භාවනා වැඩසටහන හා එක්වෙමිනි.

අද වන විට අප රට බහුවිධ අභියෝගවලට මුහුණ දෙන බවත් ජාත්‍යන්තර අභියෝග ආර්ථික අභියෝග සමාජීය අභියෝග ආදී අභියෝග රැසකට මුහුණ දෙන විට රට දැඩි අවදානමකට මුහුණ දෙන බවත් මෙවන් අවස්ථාවක මාතෘභූමියේ ඒකීය භාවය සුරකින්න ජාතික ආරක්ෂාව ඇති කරන්න කටයුතු කළ යුතු බවත් දුර්වලතා ඇති මො⁣හොතක විවිධ විදේශීය අභියෝගවලට ලක්වී රට මුහුණ දෙන අභියෝග වැඩි විය හැකි නිසා රටක් ලෙස එකතුමුතුව අත්වැල් බැද ගෙන රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් කටවචනය පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

බුද්ධ ශාසන අමාත්‍යාංශය බුද්ධ ශාසන අරමුදල ඇතුළු සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ රුහුණු වි.වි කුලපති අතිපූජ්‍ය අකුරටියේ නන්ද මහාහිමිපානන් වහන්සේ ඇගයීමට ලක් කළ බවත් බුදු දහම මෙන්ම සෙසු ආගම්වලට ද එක හා සමාන අගයක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් උන්වහන්සේ මෙරට ඇති හැකි නැති බැරි තත්ත්වය අවම කරන්නට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

''දුප්පත්කම තුරන් කිරීම ප්‍රමුඛ කාර්ය විය යුතුයි''  

දුප්පත්කම තුරන් කිරීම ප්‍රමුඛ කාර්ය විය යුතු බවත් රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත්කමින් බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එය ප්‍රකාශ කළ බවත් ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා දුප්පත් ජනතාව රටට හිසරදයක් නොව ප්‍රගතියේ සහ සෞභාග්‍යයේ දැවැන්ත සම්පතක් බවට පත් කළ  යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුමන රජයක් තිබුනත් කුමන දේශපාලන න්‍යායක් බලයේ සිටියත් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ගැන සැම කාලවකවානුවකම නායක ස්වාමින් වහන්සේ කතා කළ බවත් අප රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තෙ පැරණි පටු මානව අයිතිවාසිකම් බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික අධ්‍යාපන සෞඛ්‍ය වැනි අයිතිවාසිකම් ද ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


cghtrtryyu

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අර්බූදයෙන් රට ගොඩගන්න එකමුතු විය යුතු බව විපක්ෂනායක සජිත් කියයි | The Leader