එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු විමසා බැලීමට නීතිපතිවරයාට යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
එසේම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙසට කතානායකවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඊයේ ඇතුළත් කිරීමට නියමිතව තිබිණ.
අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් විෂය පැවරීමක් කර නැති හෙයින් යම් වගකීමක් නිල වශයෙන් නොපැවරී ඇති අවස්ථාවක එවැන්නකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ නෛතිකමය හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වා දෙති. එවැන්නෙකුට විරුද්ධව යෝජනාවක් ගෙන එන්නේ නම් ගෙන ආ හැක්කේ දෝෂාරෝපණය කිරීමේ යෝජනාවක් පමණක් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
එසේ හෙයින් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාවක් නැති බව කියන එම මැති ඇමතිවරු ලංකා ඉතිහාසයේ කිසි දිනක නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද ප්‍රකාශ කළහ.
මෙම යෝජනාව ගෙන ඒමට මූලික වී කටයුතු කළ සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ගෙන් අප මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා විදේශගතව සිටි සෑම අවස්ථාවකම ඔහුගේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ ආවරණය කරනු ලැබුවේ අරුණ ජයසේකර බවයි.
එසේම ඔහු නිතර ආරක්ෂක හමුදා කඳවුරු වලට පවා යමින් විවිධ නියෝග ලබාදුන් බවත් එවැනි තත්ත්වයක් යටතේ ඔහු එම අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් ඒ පරීක්ෂණවලට අගතියක් සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ)
සබැඳි පුවත් :
නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?




