විපක්ෂයේ සියලු පක්ෂ පොදු කාරණාවලදී එක්ව කටයතු කිරීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සහ ක්‍රමෝපාය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ‘ඉරිදා මව්බිම’ට පවසා තිබේ.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ හිටපු අමාත්‍යවරයෙක් වූ මහාචාර්ය ජී.එල්. පීරිස් ගේ නිවෙසේදී පැවති සාකච්ඡාවකදී ය.
එම හමුව කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ගොඩනැඟීමේ අරමුණින් නොව රට පෙළෙන සමාජ, ආර්ථික ගැටලු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගෙන පුළුල් වේදිකාවක් නිර්මාණය කරගැනීම උදෙසාම පැවැති බව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පවසයි.
මෙම ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සංකල්ප පත්‍රිකාවක් සැකසීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු වී තිබේ.
මෙම සාකච්ඡාව පැය එකහමාරක පමණ කාලයක් පැවැත්වී ඇති අතර ඊට ජී.එල්. පීරිස්, මිලින්ද මොරගොඩ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, මනෝ ගනේෂන්, නිෂාන් කාරියප්පර්, රිෂාඩ් බදුර්දීන්, දයාසිරි ජයසේකර, රමේෂ් පතිරණ, ලසන්ත අලගියවන්න, මයන්ත දිසානායක, ප්‍රේමනාත් සී. දොලවත්ත යන හිටපු මැති ඇමතිවරු හා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් එක්ව සිටියේය.
ජී.එල්. පීරිස්ගේ නිවෙසේදී මෙම හිටපු මැති ඇමති කණ්ඩායම කණ්ඩායම මීට පෙර ද සාකච්ඡා පවත්වා තිබේ.
විපක්ෂයේ පොදු වේදිකාව නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.




