The Leader News
BREAKING
Top Ad
පුවත්

යුද හමුදා පැමිණිල්ලකට දෙමළ මාධ්‍යවේදියකුට සිතාසි යවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානයට

T

The Leader Desk

August 16, 2025 • 6:40 PM

යුද හමුදා පැමිණිල්ලකට දෙමළ මාධ්‍යවේදියකුට සිතාසි යවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළ පැමිණිල්ලක් පදනම් කරගෙන ජගත් කීර්තිධර දෙමළ මාධ්‍යවේදියකු ත්‍රස්ත විරෝධී පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට කැඳවීම ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්වී තිබේ.
  • ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය විසින් (CTID) යවා ඇති සිතාසියක දැක්වෙන පරිදි මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් ප්‍රශ්න කිරීමක් සඳහා 2025 අගෝස්තු 17 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල්හි CTID කාර්යාලයට පැමිණිය යුතුය.
  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන පරිදි දෙමළ ජනතාව එදිනෙදා අත්විඳින පීඩාවට එරෙහිව සිදුකරන අරගල සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමෙන් “යුද හමුදාව අපකීර්තියට පත් කරන” බවට යුද හමුදා බුද්ධි අංශය විසින් කරන ලද පැමිණිල්ලක් ත්‍රස්ත පොලිසිය විසින් මාධ්‍යවේදී කුමනන් කැඳවීමට හේතුවූ බවයි.
  • එම චෝදනාව පිළිබඳව ඔහු දැනගෙන ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් කරන ලද දැනුම් දීමකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

කළ පැමිණිල්ලක් පදනම් කරගෙන ජගත් කීර්තිධර දෙමළ මාධ්‍යවේදියකු ත්‍රස්ත විරෝධී පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට කැඳවීම ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්වී තිබේ.

“ශ්‍රී ලංකාවේ සිදුවන සකලවිධ කෙලෙසීම් සහ පළිගැනීම්, විශේෂයෙන් යුද්ධයට සම්බන්ධ අපරාධ ගැන කතා කරන්නන් මර්දනය සඳහා ත්‍රස්ත විරෝධී නීති දිගින් දිගටම අනිසි ලෙස භාවිතා කිරීම සමීපව නිරීක්ෂණය කරන ලෙස අපි අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සහ සාමාජික රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු,” යි ඉල්ලා සිටින සංවිධාන  සමූහයක් කුමනන්ට එරෙහි සිතාසිය ඉවත් කරගන්නා ලෙස බලකර සිටී.

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය විසින් (CTID)  යවා ඇති සිතාසියක දැක්වෙන පරිදි මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් ප්‍රශ්න කිරීමක් සඳහා 2025 අගෝස්තු 17 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේ අලම්පිල්හි CTID  කාර්යාලයට පැමිණිය යුතුය.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන පරිදි දෙමළ ජනතාව එදිනෙදා අත්විඳින පීඩාවට එරෙහිව සිදුකරන අරගල සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමෙන්  “යුද හමුදාව අපකීර්තියට පත් කරන” බවට යුද හමුදා බුද්ධි අංශය විසින් කරන ලද පැමිණිල්ලක් ත්‍රස්ත පොලිසිය විසින් මාධ්‍යවේදී කුමනන් කැඳවීමට හේතුවූ බවයි.


“පැමිණිල්ලේ හරය වන්නේ යුද පීඩිත උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව සමග වැඩ කරන දෙමළ මාධ්‍යවේදියකු හා වෘත්තීය ඡායාරූප ශිල්පියකු වන ම,ම ඔවුන් විසින් කරනු ලබන විරෝධතා සහ උද්ඝෝෂණ මාධ්‍ය ඔස්සේ වාර්තාකරණයේ යෙදෙමින්, එම තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහරිමින්, හමුදාව අපකීර්තියට ලක් කරමින් යුද හමුදාව හා දෙමළ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවට වන චෝදනාවයි,” යනුවෙන් මාධ්‍යවේදී කුමනන් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

එම චෝදනාව පිළිබඳව ඔහු දැනගෙන ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් කරන ලද දැනුම් දීමකිනි.

දෙමළ මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්ට හිරිහැර කිරීම වහාම අවසන් කළ යුතු බව පවසන බවත් ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජනමාධ්‍ය හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් අටක් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය (CTID) විසින් නිකුත් කරන ලද සිතාසිය කුමනන්ගේ වාර්තාකරණය එරෙහිට පළිගැනීමක් යැයි විශ්වාස කරයි.

“ ප්‍රධාන වශයෙන් මානව හිමිකම් ගැටළු සහ මෑතකදී උතුරු පළාතේ චෙම්මනි හි සමූහ මිනීවළ කැණීම් සම්බන්ධයෙන් දින 41 ක කැණීම් වාර්තා කරමින් සමාජ මාධ්‍යවල යාවත්කාලීන කිරීම් සහ ඡායාරූප කුමනන් විසින් පළ කර ඇති අතර, එම කැණීම් අතරතුර අස්ථි කොටස් 140 කට වැඩි ප්‍රමාණයක් ගොඩගෙන හෝ ගොඩගෙන ඇති බව ඔහු වාර්තා කළේය. ඔහුගේ ඡායාරූප බලපෑම් සංවිධාන සහමාධ්‍ය ආයතන විසින් පුළුල් ලෙස බෙදාහදාගෙන ප්‍රකාශයට පත් කර ඇත,” යි එම නිවේදනයේ සඳහන් වේ.

“2009 මැයි මාසයේ යුද්ධයේ ලේ වැකි අවසානයෙන් පසු, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, හමුදා ඉඩම් අත්පත් කර ගැනීම, පාරිසරික අපරාධ සහ යුද කාලීන උල්ලංඝනයන් සහ අපයෝජන සඳහා සත්‍යය, යුක්තිය සහ සහන ඉල්ලා සිටින දිවි ගලවා ගත් ප්‍රජාවන්ගේ ව්‍යාපාර වැනි කරුණු වාර්තා කිරීමේදී කුමනන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත”.


මෙම කැඳවීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන සහ යුද අපරාධ හෙළි කරන කුමනන්, ඔහුගේ පවුලේ අය, අනෙකුත් මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට එරෙහි පුළුල් බිය ගැන්වීමේ රටාවක අංගයක් බව ජාත්‍යන්තර සංවිධාන සමූහය පෙන්වා දෙයි. කුමනන් මීට පෙර 2024 දී ඔහුගේ කාර්යය නිහඬ කිරීම අරමුණු කරගත් ඔහුගේ පවුලට එරෙහි තර්ජන ඇතුළු සෘජු පළිගැනීම්වලට මුහුණ දී ඇත.


දෙමළ මාධ්‍යවේදියකු ඉලක්ක කර ගැනීම සඳහා CTID සහ අනෙකුත් ත්‍රස්ත විරෝධී යාන්ත්‍රණ භාවිතා කිරීම අලුත් දෙයක් නොවන නමුත්, එය දිගටම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන සමූහය මහත් කනස්සල්ල පළකර තිබේ.

“අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් ලේඛනගත කරන සහ වාර්තා කරන මාධ්‍යවේදීන්ටත්, මානව හිමිකම් ආරක්ෂකයන්ටත් දඬුවම් කිරීමට සහ ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමෙන් ඔවුන් වලක්වා ලීමට මෙතෙක් පැවති ආණ්ඩු යටතේ, ශ්‍රී ලංකා බලධාරීන් විසින් අනිසි ලෙස භාවිතා කර ඇති ප්‍රතිගාමී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ ත්‍රස්ත විරෝධී පොලිසිය යොදාගෙන තිබේ. විශේෂයෙන් රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් මානව හිමිකම් ආරක්ෂකයින් එවැනි පළිගැනීම්වලින් පීඩාවට පත්ව ඇත.”

යුද අපරාධ සම්බන්ධයෙන් අදහස් පලකරන්නවුන්ට එරෙහිව PTA ඇතුළු මර්දන නීති යොදාගැනීම සම්බන්ධයෙන් අනාගතයේ දී සුපරීක්ෂාවෙන් යුතුව සිටීම සහතික කෙරෙන පරිදි ඉදිරි ජිනීවා සමුළුවේදී යෝජනා සම්මත කරගන්නා ලෙසත් නිවේදනය නිකුත් කරන පහත දැක්වෙන සංවිධාන අට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එහි සාමාජික රටවලින් ඉල්ලා සිටී.

Asian Forum for Human Rights and Development (FORUM-ASIA)

Committee to Protect Journalists (CPJ)

CIVICUS: World Alliance for Citizen Participation

Front Line Defenders (FLD)

Free Press Unlimited (FPU)

International Commission of Jurists (ICJ)

International Press Institute (IPI)

Reporters Without Borders (RSF)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද හමුදා පැමිණිල්ලකට දෙමළ මාධ්‍යවේදියකුට සිතාසි යවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානයට | The Leader