මේ දත්ත මගින් හෝ අප රටක් ලෙස පාඩමක් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික ප්‍රතිපත්ති රටට ඔබින නොවන බවත් දකුණ සහ වම යන වචන භාවිත කිරීම මෝස්තරයක් වී ඇති බවත් මේ වාමාංශික සහ දක්ෂිණාංශික ක්‍රමවල පවතින හොද ගුණාංග ගෙන සෘණාත්මක දේ පසෙකලා මැද මාවතේ එනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යා යුතු බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මානුෂීය ධනවාදය තුළ ධනය උත්පාදනය ආර්ථික වර්ධනය වේගවත් කිරීම මෙන්ම වෙළදපෙලේ ඉල්ලුමට සැපයුමට පමණක් බාර දී මෙම ධනය පහළට කාන්දු වෙයි කියන සිතුවිල්ල රටට සුදුසු නොවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
Citizen Voice වැඩසටහන යටතේ ආර්ථික විශේෂඥයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු හා දිළිඳුකම පිටු දැකීම පිළිබඳව හමුවකදී ඔහු මෙම අදහස් පළ කර සිටියේය.
පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අවස්ථා ගණනාවක අස්වැසුම විද්‍යාත්මක නොවන බවට පෙන්වා දුන් බවත් IMF සහ ලෝක බැංකු ආදී මූල්‍ය ආයතනවලට මේ අස්වැසුම ගැන අවබෝධයක් ලබා ගත නොහැකි වී ඇති බවත් මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසිය.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සංඛ්‍යාලේඛන අනුව අස්වැසුම වැඩසටහනේ සිටිය යුතු 58%කට අස්වැසුම නොලැබීම බරපතළ ගැටලුවක් බවත් අස්වැසුම හා සමෘද්ධියේ අඩුපාඩුකම් ඇති බවත් අස්වැසුම සමෘද්ධියේ අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගෙන නැති බවත් 23%ක් නුසුදුස්සන් ද අස්වැසුම ලබන බවත් ය.
රජයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගෙන අස්වැසුම දෙන බවත් මෙහි තෝරා ගැනීමේ ගැටලු ඇති නිසා විදුලි බිල කේන්ද්‍ර කර ගෙන සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය බංකොලොත් රටේ සුදුසු අයට අස්වැසුම දෙනවා වෙනුවට නුසුදුසු අයට අස්වැසුම දෙන බවත් මෙය ගැටලුවක් බවත් අස්වැසුම පාර්භෝජන වැඩපිළිවෙළක් පමණක් වුනත් මෙහි ආයෝජනය නිෂ්පදනය අපනයනය ඉතිරි කිරීමද තිබිය යුතු බවත් ඊට අමතරව සදාකාලීක සහන නොලබා කිසියම් කාලයක් තුළ සවිබල ගැන්විය යුතු බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




