The Leader News
BREAKING
Top Ad
පුවත්

‘චිත්‍රසිරි වාර්තාව’ ඉල්ලා විශ්‍රාමික මන්ත්‍රින් නඩු මඟට

T

The Leader Desk

August 16, 2025 • 7:22 PM

‘චිත්‍රසිරි වාර්තාව’ ඉල්ලා විශ්‍රාමික මන්ත්‍රින් නඩු මඟට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති කාර්යාලය මේ දක්වා එම නිර්දේශ ප්‍රසිද්ධ කර නොමැති බවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශයන් ලබාදෙන ලෙසට පෙබරවාරි මාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලීමක් කළ නමුත් එම තොරතුරු නොලැබුණු බවත් ලේකම්වරයා කීවේය.
  • මෙමඟින් ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලට එරෙහිව නීති මඟට යොමු වන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
  • ජනාධිපති ලේකම් කාර්යාලය සතුව එවැනි වාර්තාවක් හෝ නිර්දේශයන් නොමැති බවට තමාට ලිඛිතව දන්වා එවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට මාස කිහිපයකට පෙරදී ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් විනිසුරු චිත්‍රසිරිගෙන් විමසීමක් කර තිබෙන බවත් ඒ අනුව විනිසුරුවරයා ජනාධිපති කාර්යාලයට නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවත් එම සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලය මේ දක්වා එම නිර්දේශ ප්‍රසිද්ධ කර නොමැති බවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ චිත්‍රසිරි වාර්තාවේ නිර්දේශයන් ලබාදෙන ලෙසට පෙබරවාරි මාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලීමක් කළ නමුත් එම තොරතුරු නොලැබුණු බවත් ලේකම්වරයා කීවේය.

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව එවැනි වාර්තාවක් හෝ නිර්දේශයන් නොමැති බවට තමාට ලිඛිතව දන්වා එවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මෙමඟින් ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලට එරෙහිව නීති මඟට යොමු වන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

( mawbima | Amith Maduranga Gamage)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...