එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු 2025.08.17 දින සිට අවලංගු කර ඇති අතර ඒ බව අදාළ සියලුම නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තුමේන්තුවේ සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්, ප්‍රධාන ගණාකධිකාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන ගණාකධිකාරී (මුද්දර) වෙත දැනුම්දීම් කර ඇත.
එමෙන් ම ලිපියේ පිටපත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තැපැල් සේවාවට සම්බන්ධ සියලු ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
තැපැල් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ හෙට සිට වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇති පසුබිමකය.
හෙට පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේත්, මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලුම තැපැල් හා පාලන කාර්යාලවල අදාළ වර්ජනය ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තමන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසිය.




