ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) විදුල්ලංකා සමාගම විසින් පාදුක්ක ප්‍රදේශයේ ඉදි කරන ලද නවතම සූර්ය විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
සියලු පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ
''රටේ බලශක්ති අරමුණු ඉටුකරගැනීමේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හැටියට ජලවිදුලිය, සූර්ය සහ සුළං ප්‍රභව තුනෙන්ම ආශිර්වාදය ලබපු වාසනාවන්ත රටක් අපට තියෙන්නේ. ඉතාම වගකීමෙන් පරිසරය සුරකිමින් ඒ වගේම සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් හැමෝටම ප්‍රතිලාභ ලැබෙන විදිහට විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘති කරද්දී පවා අපි කටයුතු කරන බව කියන්න කැමතියි.
ලෝකයේ ජනඝණත්වය වැඩි රටක් හැටියට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අභියෝගාත්මක තත්ත්වයක් මතුවෙනවා. පරිසර බලපෑම වගේම රටේ ජනතාවගේ සිතුම්පැතුම් අවශ්‍යතාවයන් සහ පහසුකම් සැලකිල්ලට අරගෙන සියලු පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ ලැබෙන විදිහට මේ ව්‍යාපෘති කරන්න අප කටයුතු කරනවා. විශේෂයෙන් සූර්යබලයෙන් නිෂ්පාදනය කරන සෑම විදුලි ඒකකයක් ම පරිසරය රකින්න දායකවෙනවා වගේම රටේ විදේශ විනිමය ඉතුරු කරන්න දායක වෙන බව කියන්න කැමතියි.
දේශීය සමාගම් දිරිගන්වනවා
එසේම ජාතික විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සදහා පියවර රැසක් ගෙන ඇතැයිද එය විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට මෙන්ම ප්‍රනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමට හේතුවෙන බව අපිට විශ්වාසයි. ඒ වගේ ම රජයේ වැඩපිළිවෙළ තමයි විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා දේශීය සමාගම් දිරිගැන්වීම. අද ජනතා අයිතියට පැවරුවේ මෙරට පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රකට සමාගමක් වන විදුල්ලංකා සමාගමට අනුබද්ධ විදුල් සෝලා පවර් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම මගින් ඉදිකරන ලද මෙගාවොට් දෙකක ධාරිතාවයකින් යුත් පොළොව මත ඉදිකරන ලද සූර්ය පැනලවලින් යුත් විදුලිබලාගාරයක්. මෙම බලාගාරය විදුල්ලංකා සමාගම විසින් ඉදිකරන ලද විසිතුන්වෙනි පුනර්ජනනීය විදුලි බලාගාරය යි."
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානී උමංගා, විදුල්ලංකා සමාගමේ කළමණාකාර අධයක්ෂක රියාස් සංගානී, එම සමාගමේ අධ්‍යක්ෂ රිස්වි සහීඩ්, සුනිත්‍යබල අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ වික්‍රමසංහ, මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති පියල් හෙන්නායක, ලංකා විදුලිබල මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී වජිර ප්‍රියන්ත හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මල ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
(සටහන | ශාන් මොහොමඩ්)




