The Leader News
BREAKING
Top Ad
පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම !

T

The Leader Desk

August 17, 2025 • 4:53 AM

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට විශ්‍රාමික මන්ත්‍රීන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය ලබති.
  • ඔවුන්ගෙන් බහුතරය එම වැටුපෙන්ම ජීවත් වන සෑහෙන දිළිඳු තැනැත්තන් බව පැවසූ කරු ජයසූරිය, මේ අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනකු ද සිටින බවද අවධාරණය කළේය.
  • ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් ආහාර සහ ඖෂධ ලබාගන්නේද මෙම විශ්‍රාම වැටුපෙන් බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට විශ්‍රාමික මන්ත්‍රීන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය ලබති. ඔවුන්ගෙන් බහුතරය එම වැටුපෙන්ම ජීවත් වන සෑහෙන දිළිඳු තැනැත්තන් බව පැවසූ කරු ජයසූරිය, මේ අතර ප්‍රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනකු ද සිටින බවද අවධාරණය කළේය.

මහජන නියෝජිතයන් ලෙස පත්වන තැනැත්තන් සියල්ලන්ම සොරුන් හෝ වංචනිකයන් නොවන බැවින් ඉතා අසීරුවෙන් දිවිගෙවන මෙම පිරිස් ගැන කරුණා සහගතව ක්‍රියා කළ යුතු යැයි පැවසූ හිටපු කතානායකවරයා විශ්‍රාමික මහජන මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය සහ යුරෝපය ආදී බොහෝ රටවල සිදුවන කටයුත්තක් බවද සඳහන් කළේය.

ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් ආහාර සහ ඖෂධ ලබාගන්නේද මෙම විශ්‍රාම වැටුපෙන් බවද ඔහු පැවසීය.

ආණ්ඩුව විශ්‍රාම වැටුප සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට පෙර මෙම කරුණු ගැන ද අවධානය දැක්විය යුතු යැයි කරු ජයසූරිය වැඩිදුරටත් කීය.

| deshaya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...