පුළුල් විමර්ශනයකට ලක් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සියලු වත්කම් වාර්තා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවතිය යුතු අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සියලු වාර්තා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පැවතිය යුතුය. මේ ලිපිගොනුවලට ප්‍රවේශ වීමේ හැකියාව ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පමණි.
පසුගිය කාලයේදී මේ දෙපාර්තමේන්තු දෙකේම නිලධාරීන්ට එරෙහිව බරපතළ දූෂණ චෝදනා එල්ල වූ අතර, ඒ අතුරින් අල්ලස් චෝදනා ප්‍රමුඛ විය. මේ නිසා දූෂණ විරෝධි පනතින් අල්ලස් කොමිසමට පැවරී ඇති බලතල යොදාගනිමින් මේ වත්කම් ලිපිගොනු පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් මෙසේ අදාළ ලිපිගොනු සියල්ල පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා පවතින නිසා මුල් වටයේදී දෙපාර්තමේන්තු දෙකේ ඉහළම නිලධාරීන්ගේ ලිපිගොනු පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.
එම ලිපිගොනු පරීක්ෂා කිරීමට අදාළ පහසුකම් සපයාගැනීමේ නිල දැනුම් දීම් ලබන සතියේ සිදු කිරීමට නියමිත අතර, ඉන් පසු ඊට අදාළ විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.
(silumina | ශාලික විමලසේන)
පොලිස් - බන්ධනාගාර වත්කම් ෆයිල් දිගහරියි
T
The Leader Desk
August 17, 2025 • 3:42 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පුළුල් විමර්ශනයකට ලක් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
- මේ ලිපිගොනුවලට ප්‍රවේශ වීමේ හැකියාව ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පමණි.
- මේ නිසා දූෂණ විරෝධි පනතින් අල්ලස් කොමිසමට පැවරී ඇති බලතල යොදාගනිමින් මේ වත්කම් ලිපිගොනු පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබේ.
- කෙසේ වෙතත් මෙසේ අදාළ ලිපිගොනු සියල්ල පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා පවතින නිසා මුල් වටයේදී දෙපාර්තමේන්තු දෙකේ ඉහළම නිලධාරීන්ගේ ලිපිගොනු පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



