ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වන බවයි.
ඒ , අතිකාල ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමිනි.
මෙම වැඩ වර්ජන ක්‍රියාත්මක වන්නේ අද සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමකදී යි.
මේ අතර තැපැල් සේවකයින් ඊයේ (16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත විය.
ඒ අතර ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය වෙතින් එම වැඩ වර්ජනයට එරෙහිව කරුණු ගෙනහැර දක්වමින් සිටියි.
''තැපැල් සේවක වැඩ වර්ජනය සාධාරණද?'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එවැනි සටහනක් මතු පළවේ.
තැපැල් දෙපාර්තමේන්තුව ජනතා හිතෛශී සේවාවක් බවට පත් කිරීමට කඩිනම් පියවර රැසක්....
? උප තැපැල් ස්ථානාධිපතිවරු 378 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කර ඇත.
? තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනමින් බඳවා ගැනීමේ විභාගය ඔක්තෝබර් මුලදී
? තැපැල් සේවා නිලධාරී (සීමිත) පුරප්පාඩු 83ක් සඳහා මේ වසර තුළ බඳවා ගැනේ.
? තැපැල් සේවාවට රියදුරන් 40ක් බඳවා ගැනේ.
? තැපැල් සහායකයන් 1000ක් ස්ථිරව පත් කිරීමට සහ ආදේශකයන් 1000ක් ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වේ.
? තැපැල් ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට අලුතින් ලොරි රථ 10ක් මිලදී ගැනේ.
? තැපෑලේ පුරප්පාඩු වූ මාණ්ඩලික සහ විධායක තනතුරු 95කට මෙම වසරේදී ස්ථිර නිලධාරීන්.
? තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 400ක ව්‍යාපෘති දියත් කර අවසන්.
? රුපියල් මිලියන 678ක් වියදමින් මේ වසරේදී නව තැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදි කෙරේ.




