The Leader News
BREAKING
Top Ad
පුවත්

කටුනායක ගුවන්තොටේ තදබදයකින් දෙස් විදෙස් ගුවන් මගීන් අසීරුවේ

T

The Leader Desk

August 17, 2025 • 4:36 PM

කටුනායක ගුවන්තොටේ තදබදයකින් දෙස් විදෙස් ගුවන් මගීන් අසීරුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරීක්ෂා කිරීමේ කවුන්ටරයේ මෙන්ම ආගමන විගමන කවුන්ටරයේද මෙම තදබදය සමග දිගු පෝලිම් පැවති බව වාර්තා වේ.
  • මේ හේතුව මත සමහර මගීන් කියා සිටියේ පැවති තදබදය සමග ප්‍රමාදයක්ද පැවතීමෙන් ඔවුන්ගේ ගුවන් ගමන් පවා මග හැරීමට ඉඩ පැවති බවයි.
  • සීමිත වේලාවක් තුළදී ගුවන් ගමන් කිහිපයක් සැලසුම් කර තිබීම නිසා ප්‍රමාණය ඉක්මවා මගීන් රැස්වීම හේතුවෙන් මෙසේ පිටත්වීමේ පර්යන්තයේ දැඩි තදබදයක් පැවති බව වාර්තා වේ.
  • මේ හේතුවෙන් බොහෝ මගීන් පිරිසක් අපහසුතාවට පත්ව සිටි බවත් ඔවුන් අතර විදේශික සංචාරකයන්ද වූ බව වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


පරීක්ෂා කිරීමේ කවුන්ටරයේ මෙන්ම ආගමන විගමන කවුන්ටරයේද මෙම තදබදය සමග දිගු පෝලිම් පැවති බව වාර්තා වේ..

මේ හේතුව මත සමහර මගීන් කියා සිටියේ පැවති තදබදය සමග ප්‍රමාදයක්ද පැවතීමෙන් ඔවුන්ගේ ගුවන් ගමන් පවා මග හැරීමට ඉඩ පැවති බවයි.

සීමිත වේලාවක් තුළදී ගුවන් ගමන් කිහිපයක් සැලසුම් කර තිබීම නිසා ප්‍රමාණය ඉක්මවා මගීන් රැස්වීම හේතුවෙන් මෙසේ පිටත්වීමේ පර්යන්තයේ දැඩි තදබදයක් පැවති බව වාර්තා වේ.

මේ හේතුවෙන් බොහෝ මගීන් පිරිසක් අපහසුතාවට පත්ව සිටි බවත් ඔවුන් අතර විදේශික සංචාරකයන්ද වූ බව වාර්තාවේ.


මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මේවනවිට දහස් ගණනින් පැමිණෙන විදෙස් සංචාරකයින්ට හා දේශීය ගුවන් මගීන්ට පහසුකම් දීමට තරම් ධාරිතාවයක් ගුවන් තොටුපල සතුව නොමැති බවයි. එහෙයින් , ජපන් රජයේ ආධාර යටතේ කටුනායක ගුවන්තොටුපළ දෙවැනි අදියර පුළුල් කිරීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...