හිටපු ඇමැතිවරයා විසින් සිය වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරය දරන කාලයේදී නීතිවිරෝධී ආකාරයෙන් දේපළ හෝ වත්කම් උපයාගෙන ඇත්දැයි සෙවීමට විමර්ශනයත් සිදු කරන ලෙස ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානයේ සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ඇමැතිවරයා මෙසේ කැඳවා ඇතැයි පොලිසිය සඳහන් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතුන් වන වජිර අබේවර්ධන හා සාගල රත්නායක හිටපු අමාත්‍යවරුන්ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබිණ.
(මුලාශ්‍රය | aruna)




