The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ඉරිච්ච කමිස ගලවා ගොවියා ස්මාර්ට් කරනවා - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති

T

The Leader Desk

August 20, 2025 • 7:36 AM

ඉරිච්ච කමිස ගලවා ගොවියා ස්මාර්ට් කරනවා - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (19 වැනිදා) ගලේවෙල ටි.බී.
  • මෙහිදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ ගව ශුක්‍රාණු සමග පාකිස්තානයෙන් දෙමුහුන් වස්සන් සහ වැස්සියන් ගෙන්වා මෙරට දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.එමෙන්ම හෙතෙම මෙසේද පැවසීය.
  • මේ වන විට ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ දහයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (19 වැනිදා) ගලේවෙල ටි.බී. තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවැති කිරි ඉතිරෙන රටක් “daily hub” මාතලේ දිස්ත්‍රික් සමාරම්භක උළෙලට එක්වෙමිනි.

මෙහිදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ ගව ශුක්‍රාණු සමග පාකිස්තානයෙන් දෙමුහුන් වස්සන් සහ වැස්සියන් ගෙන්වා මෙරට දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.එමෙන්ම හෙතෙම මෙසේද පැවසීය.

''දැනටමත් පාකිස්තානයෙන් හොඳ තත්ත්වයේ දෙමුහුන් කිරි වැස්සියන් වස්සන් ගෙන්වා ලංකාවේ දී පැටවුන් බිහිකර කිරි ගොවීන්ට ලබා දීමට සහ විදේශ රටවලින් කිරි ගවයන් රැගෙන ඒම නවතා ගව ශුක්‍රාණු වඩි ලංකාවට ගෙන්වා වැස්සි පැටවුන් නිපදවා ගොවීන්ට ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. මේ වන විට ලංකාවේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ දහයයි. එයින් දේශීය කිරි අවශ්‍යතාවය සියයට තිස්පහක් හතළිහක් පමණ වෙනවා. ඒ අනුව ඉදිරියේදී විස්සයි විසිනවය වසර වන විට දෛනික කිරි නිෂ්පාදනය ලක්ෂ තිහ ඉක්මවීම තමයි රජයේ අරමුණ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දියුණු වැස්සි පැටියන් ලබාදීම, නව ගව ගාල හඳුන්වාදීම, ගොවීන්ට අවශ්‍ය සියලුම තණකොළ වර්ග ලබාදීම සියලු පහසුකම් මෙම වැඩසටහන යටතේ කිරි ගොවීන්ට හිමිවනවා. ඒ වගේම තමයි මෙරට කිරි ගවයන් පාලනය සඳහා අලුත් තරුණ පරපුර නව ජවයකින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.''

(aruna.lk | කේ.කේ. ආරියදාස - දඹුල්ල)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...