The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ සංචාරයක

T

The Leader Desk

August 20, 2025 • 5:08 PM

සජිත් ප්‍රේමදාස සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා කැප වූ ප්‍රමුඛ ආයතනයක් වන සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයයේ සංචාරයක නිරත විය.
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම විද්‍යාලයේ සංචාරයක නිරත වූයේ එකී දැනුම සහ අත්දැකීම් අප රටේ පරිපාලන ව්‍යුහයට අදාළ කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා ය.
  • මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා ධාරිතා වර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින් සිංගප්පූරුව සාර්ථකත්වය කරා ගිය ගමනේ දී විනයගරුක සහ ඉදිරි දැක්මක් ඇති සිවිල් සේවය සුවිශාල සේවාවක් කළ බව හෙතෙම සඳහන් කළේය.
  • ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ පාලන රාමු ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ හොඳම භාවිත අනුවර්තනය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට තමා උනන්දු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා කැප වූ ප්‍රමුඛ ආයතනයක් වන සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයයේ සංචාරයක නිරත විය.

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග Christopher Joachim pragasm (Director - International Relations) සහ Tan Chuan Tat Daniel (Assistant Director -  Civil Service College International), එක් වූහ.

නායකත්වය, ප්‍රතිපත්ති නවෝත්පාදනය සහ අනාගත සූදානම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, ඵලදායී සහ පුරවැසි කේන්ද්‍රීය පාලනයක් ලබා දීම සඳහා සිංගප්පූරුවේ රාජ්‍ය සේවය සූදානම් කිරීමේ දී සිවිල් සේවා විද්‍යාලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම විද්‍යාලයේ සංචාරයක නිරත වූයේ එකී දැනුම සහ අත්දැකීම් අප රටේ පරිපාලන ව්‍යුහයට අදාළ කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා ය.

එම සංචාරයේ දී සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෞරවයෙන් පිළිගනු ලැබීමෙන් අනතුරුව රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය, පාලනය සහ පරිපාලන පුහුණුව සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳ මූලික සාකච්ඡා රැසක නිරත විය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා ධාරිතා වර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින් සිංගප්පූරුව සාර්ථකත්වය කරා ගිය ගමනේ දී විනයගරුක සහ ඉදිරි දැක්මක් ඇති සිවිල් සේවය සුවිශාල සේවාවක් කළ බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ පාලන රාමු ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ හොඳම භාවිත අනුවර්තනය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට තමා උනන්දු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසී ය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...