The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

කොළඹ වරාය මිනි වළ ලංකාවේ සිව්වැනියට විශාල සමූහ මිනීවල බවට පත්වෙයි

T

The Leader Desk

August 21, 2025 • 4:15 AM

කොළඹ වරාය මිනි වළ ලංකාවේ සිව්වැනියට විශාල සමූහ මිනීවල බවට පත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් රජය විසින් නිසි පරිදි මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් කැනීම් කටයුතු මුල් අවස්ථාවේදීම ප්‍රමාද වු කොළඹ වරාය සමුහ මිනි වළෙන් මේ වන විට විට අවම වශයෙන් පුද්ගලයන් 88 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන ඇත.
  • අගෝස්තු 20 වැනි බදාදා කැනීම් වළ අසලට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට දැක ගැනීමට ලැබී ඇත්තේ මේ වන විට එම සමුහ මිනි වළේ කැනීම් කටයුතු අවසන් කිරීමට යන බවයි.
  • කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ එම ඉඩමේ පිහිටි පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි.
  • ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහගේ නියමයෙන් 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


වත්මන් රජය විසින් නිසි පරිදි මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් කැනීම් කටයුතු මුල් අවස්ථාවේදීම ප්‍රමාද වු කොළඹ වරාය සමුහ මිනි වළෙන් මේ වන විට විට අවම වශයෙන් පුද්ගලයන් 88 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන ඇත.

2025 අගෝස්තු 20 වැනි බදාදා කැනීම් වළ අසලට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට දැක ගැනීමට ලැබී ඇත්තේ මේ වන විට එම සමුහ මිනි වළේ කැනීම් කටයුතු අවසන් කිරීමට යන බවයි.

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ මෙහෙයැවීමෙන් මහේස්ත්‍රාත් කසුන් දිසානායකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකෙරෙන කොළඹ වරාය සමූහ මිනී වළ තුල පුද්ගලයන් කිහිප දෙනකුටම අයත් අස්ථි තව දුරටත් පවතින ආකාරය මෙන්ම පුද්ගලයන් කිහිප දෙනකුටම අයත් මිනිස් අස්ථි කොටස් ගොඩ ගෙන තිබෙන ආකාරයත් ඔවුන්ට දැකගැනීමට හැකිව තිබේ.

කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ එම ඉඩමේ පිහිටි පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රයෙනි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහගේ නියමයෙන් 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී තියනවා - අධිකරණ ඇමති කියයි

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින්  පසුගියදා නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා මුල් වරට හෙළි කර තිබුනේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇති බවයි. ඒවා නම් කිරීමටත් අමාත්‍යවරයා එහිදී කටයුතු කර තිබුනි.

* ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

* 2013 වසරේ  දී මාතලේ රෝහල ආසන්නයේ භූමියකින් මළසිරුරු 155 ක් ගොඩගන්නා ලද  අතර එය ශ්‍රී ලංකාවෙන් හමුවු දෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකේ.

* ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ තවමත් කැනීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර නොමැති චෙම්මනි, සිත්තුපාත්ති සමූහ සුසානයි. මේ වන විට එම මිනි වළෙන් මතු කරගත් සමස්ත ඇටසැකිලි ගණන 147 කි.  

* පස්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස දැන් පිලිගැනෙන්නේ 2013 වසරේදීම මිනිස් සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වලයි. කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් කැනීම් කටයුතු අවසන් වන විට  පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි. 

මේ සියළු සමුහ සුසාන හමුව තිබුනේ අහම්බයෙන් මිස රජයේ විමර්ශනවලින් නොවේ. 
 
 colombo har colombo har 2

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...