The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පොලිසියට අත් අඩංගුවට ගැනීමේ ‘ටාගට්’ නියම කිරීම 'විකෘති දිරිගැන්වීමක්'

T

The Leader Desk

August 21, 2025 • 4:23 PM

පොලිසියට අත් අඩංගුවට ගැනීමේ ‘ටාගට්’ නියම කිරීම 'විකෘති දිරිගැන්වීමක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අභිනව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
  • නීතීඥ ප්‍රියන්ත වීරසූරිය 37 වැනි පොලිස්පති ලෙස වැඩ බාරගෙන දින හතරක් ගතවෙත්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී.
  • දෙහිදෙණිය දැනුම් දී ඇත්තේ, පොලිස් කොට්ඨාශ වල නීතිය හා සාමය පවත්වා ගෙන යාමේ ප්‍රාථමික දර්ශකයක් ලෙස පොලිස් ස්ථාන විසින් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව භාවිතා කිරීම කොමිෂන් සභාවේ දැඩි අවධානයට ලක් වී ඇති බවයි.
  • මීට වසර කිහිපයකට පෙර හඳුන්වා දී ඇති බව පෙනී යන මෙම පිළිවෙත තවමත් ක්‍රියාත්මක වීම සභාපතිවරයා විසින් හඳුන්වා ඇත්තේ “විකෘති දිරිගැන්වීමක්” ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අභිනව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය 37 වැනි පොලිස්පති ලෙස වැඩ බාරගෙන දින හතරක් ගතවෙත්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී. දෙහිදෙණිය දැනුම් දී ඇත්තේ, පොලිස් කොට්ඨාශ වල නීතිය හා සාමය පවත්වා ගෙන යාමේ ප්‍රාථමික දර්ශකයක් ලෙස පොලිස් ස්ථාන විසින් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව භාවිතා කිරීම කොමිෂන් සභාවේ දැඩි අවධානයට ලක් වී ඇති බවයි.

මීට වසර කිහිපයකට පෙර හඳුන්වා දී ඇති බව පෙනී යන මෙම පිළිවෙත තවමත් ක්‍රියාත්මක වීම සභාපතිවරයා විසින් හඳුන්වා ඇත්තේ “විකෘති දිරිගැන්වීමක්” ලෙසයි.

"එවැනි ක්‍රියා පිළිවෙතක් දිගටම පැවතුන හොත්, එය අවිධිමත් සන්නිවේදනයක් ඔස්සේ කරන ලද අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම උදෙසා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් වෙත කෙරෙන විකෘති දිරිගැන්වීමක් වීමට ඉඩ ඇත."

නිල සන්නිවේදනයන් තුළ එවැනි ඉලක්ක නිශ්චිතව දක්වා නොමැති වුව ද, නිලධාරීන්ගේ උසස්වීම් තීරණ කිරීමේදී අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කාර්ය සාධනය සලකා බලා කටයුතු කළ හැකි බව කොමිෂන් සභාව වෙත දන්වා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.


"ශ්‍රී ලංකා පොලීසිය සදහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම සහ අනෙකුත් ආයතනික ප්‍රතිසංස්කරණ" මැයෙන් 2025 අගෝස්තු 18 වැනිද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් ශ්‍රී ලංකා පොලිසියට පුද්ගලයන් පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවකදී හා පොලිසිය සමඟ සිදුවන ගැටුමකදී සිදුවන මරණ වැළැක්වීම සඳහා 2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ වල 1.2 වගන්තිය පිළිබඳ ද කොමිසම නැවත සිහි ගන්වා තිබේ.

ඒ අනුව ' අත්අඩංගුවට ගැනීම අත්තනෝමතික ආකාරයකින් සිදු නොකළ යුතුය හා පුද්ගලයකු  අත්අඩංගුවට ගැනීමක් සිදු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම එහි අවශ්‍යතාවය සාධාරණිකරණය කිරීමට හැකි විය යුත්තේ එම පුද්ගලයා වරදක් කර ඇති බවට සාධාරණ සැකයක් මත සිදු කරන මූලික පොලිස් විමර්ශනයකින් පසුව විය යුතු බව මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට යළිත්  අවධාරණය කර තිබේ.


මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ

මෙම පසුබිම මූලික කොටගෙන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පහත නිර්දේශ ද පොලිස්පති වෙත ලිඛිතවම ඉදිරිපත් කොට ඇත.

  1. පොලිස් ස්ථාන වල සහ පොලිස් කොට්ඨාශ වල කාර්යක්ෂමතාව මැනීම සඳහා විධිමත් හා අවිධිමත් ලෙස ඉලක්ක ස්ථාපිත කර ඇති ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ක්‍රියාපටිපාටීන් පුළුල් ලෙස සමාලෝචනය කිරීමට කටයුතු කිරීම. එමෙන්ම අවිධිමත් ලෙස පනවන ලද අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් වෙත බලපෑම් එල්ල නොකළ යුතු වීම.
  2. පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධන ඇගයීම, පිළිගැනීම සහ උසස් කිරීම සඳහා (1) මෙහෙයුම් කාර්යක්ෂමතාව; (2) ප්‍රජා සහභාගීත්වය සහ විශ්වාසය (3) වෘත්තීය හැසිරීම් සහ ආචාර ධර්ම (4) කුසලතා සහ නිපුණතා සංවර්ධනය (5) පරිපාලන කාර්යක්ෂමතාව වැනි ප්‍රමාණාත්මක මිනුම් සමඟ සම්බන්ධ කළ යුතුය. උදාහරණයක් ලෙස, මෙහෙයුම් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන්, ජාත්‍යන්තර උසස් ක්‍රියාපටිපාටීන්, පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධන ඇගයීම්, පිළිගැනීම සහ උසස් කිරීම තීරණය කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රයෝජනවත් මග පෙන්වීමක් ලබා දෙයි. ඒ අනුව අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක නොතකා ඒ වෙනුවට පහත සඳහන් මිනුම් සලකා බැලිය යුතුය.

    අ. නඩු විසඳීමේ අනුපාතය; එනම් ලැබුණු පැමිණිලිවල ප්‍රතිශතයක් ලෙස විසඳන ලද නඩු ගණන

    ආ. ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය; එනම් විශේෂයෙන් කාන්තාවන්, ළමුන්, ආබාධ සහිත පුද්ගලයින්, වැඩිහිටියන් සහ සංක්‍රාන්තික සමාජභාවීය ප්‍රජාවේ පුද්ගලයින් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලින් හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිලි වලට ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය

    ඇ. අත්අඩංගුවට ගැනීම සිට දඬුවම් කිරීම දක්වා අනුපාතය; එනම් සාර්ථක නඩු පැවරීම් වලට තුඩු දෙන අත්අඩංගුවට ගැනීම වල අනුපාතය සහ

    ඈ. පොලිස්  බල ප්‍රදේශ වල අපරාධ අවම කිරීම.


පොලිස්පතිවරයා වෙත යොමු කළ එම ලිපියේ පිටපත්  ජනාධිපති අනුර කුමාර දිසානායක, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත යොමු කිරීමටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කර ඇත.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසියට අත් අඩංගුවට ගැනීමේ ‘ටාගට්’ නියම කිරීම 'විකෘති දිරිගැන්වීමක්' | The Leader