The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

භාණ්ඩාගාරයේ තද තීරණයක්: තැපැල් වෘත්තිය සමිති නොනැමෙන හැඩයි

T

The Leader Desk

August 22, 2025 • 4:25 AM

භාණ්ඩාගාරයේ තද තීරණයක්: තැපැල් වෘත්තිය සමිති නොනැමෙන හැඩයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමගින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණෙන සියලු දෙනා සේවය අතහැර ගියා සේ සැලකීමට සිදුවන බවටද දැනුම් දී ඇති අතර නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන ලෙසත් අසනීප නම් රජයේ වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසත් තැපැල්පතිවරයා දැනුම් දී ඇත.
  • මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල්පති සත්කුමාර සඳහන් කළේ, ලබන 25 වන දාට තැපෑලේ සේවකයන්ට වැටුප් ගෙවීමට තිබුණ ද වර්ජනයේ යෙදෙන නිලධාරීන්ට වැටුප් නොගෙවන බවට භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බව ය.
  • ඒ අනුව, මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බව ඔහු සඳහන් කළේ ය.
  • ‘වැටුප් නොගෙවුවහොත් නඩු දානවා, වර්ජනය නවත්වන්නේ නෑ’- වෘත්තීය සමිති මේ අතර තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ ‘පවසන්නේ, වැටුප් නොගෙවුවහොත් තැපැල්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් තමන් මෙම වර්ජනය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එමගින් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණෙන සියලු දෙනා සේවය අතහැර ගියා සේ සැලකීමට සිදුවන බවටද දැනුම් දී ඇති අතර නිවාඩු අවලංගු කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන ලෙසත් අසනීප නම් රජයේ වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසත් තැපැල්පතිවරයා දැනුම් දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල්පති සත්කුමාර සඳහන් කළේ, ලබන 25 වන දාට තැපෑලේ සේවකයන්ට වැටුප් ගෙවීමට තිබුණ ද වර්ජනයේ යෙදෙන නිලධාරීන්ට වැටුප් නොගෙවන බවට භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බව ය. ඒ අනුව, මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බව ඔහු සඳහන් කළේ ය.

‘වැටුප් නොගෙවුවහොත් නඩු දානවා, වර්ජනය නවත්වන්නේ නෑ’- වෘත්තීය සමිති

මේ අතර තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ ‘පවසන්නේ, වැටුප් නොගෙවුවහොත් තැපැල්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් තමන් මෙම වර්ජනය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ය.

තමන් වර්ජනය අත්හළ බවට සමාජ මාධ්‍යවල සැරිසරන ලිපිය ව්‍යාජව අත්සන් යොදා සැකසූවක් බවත් ඒ සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බවත් තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

තැපැල් සේවක ඉල්ලීම් 19ට සාධාරණ හා යුක්තිසහගත විසඳුමක් ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

ඊයේ (අගෝ. 21) සවස වන විටත් ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් හය වන දිනටත් අද දවසේ වර්ජනය ක්‍රියාත්මක කරන බවද සම කැඳවුම්කරු සඳහන් කළේ ය.

නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ කොන්දේසි යටතේ සාකච්ඡාවලට සම්බන්ධ වීමට වෘත්තීය සමිති සූදානම් නැතැයි පැවැසූ හෙතෙම සේවක ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා දීමේ අරමුණින් විධිමත් ආකාරයෙන් සාකච්ඡාවක් කැඳවුවහොත් ඊට සහභාගී වන බවත් කීවේය.

අමාත්‍යවරයා තැපෑලේ භාරකරු වශයෙන් එම සේවාව පවත්වාගෙන යෑමට සහාය විය යුතු බව කි චින්තක බණ්ඩාර, රජය කඩිනමින් සාකච්ඡාවක් සූදානම් කර වෘත්තීය සමිතිවලට ලිඛිතව දැන්විය යුතු බවත් ඇමතිවරයා මාධ්‍ය ඔස්සේ සිදුකරන ඉල්ලීම් පිළිගත නොහැක බවත් ප්‍රකාශ කළේ ය.

තැපැල් සේවක වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති අධ්‍යාපන, ඛනිජ තෙල්, රාජ්‍ය පරිපාලන ඇතුළු වෙන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සමග ඊයේ සාකච්ඡා කළ බවත් තැපැල් වර්ජනයට අවශ්‍ය සහාය ලබා දීමට වෘත්තීය සමිති නායකයන් එකඟතාව පළ කළ බවත් සම කැඳවුම්කරු පැවසීය.

දින හතරකදී රුපියල් මිලියන 100කට වැඩි පාඩුවක්

මේ අතර, අද (අගෝ. 22) සේවයට වාර්තා නොකරන සියලු තැපැල් නිලධාරීන්ට විරුද්ධව නිත්‍යනුකූල පියවර ගන්නා බව නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා පැවසුවාය.

දින හතරකදී තැපෑල අඩාල වීමෙන් රුපියල් මිලියන 100කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ද නියෝජ්‍ය තැපැල්පතිනිය සඳහන් කළා ය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩගසා තිබූ විදෙස් තැපැල් පාර්සල් හා ලිපි මළු මධ්‍යම තැපැල් හුවමාරුවට ගෙ ආ නමුත් සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා බෙදාහැරීමට නොහැකි වී ඇතැයිද නියෝජ්‍ය තැපැල්පතිනි චමීෂා ද සිල්වා කීවා ය.

චමීෂා ද සිල්වා මෙසේ ද පැවසුවාය.

“මෙම වර්ජනයෙන් මහජනතාව, තැපෑලේ සිටින අය වගේ ම දේශීය - විදේශීය අපේ තැපැල පාවිච්චි කරන සියලු දෙනා අපහසුතාවට පත්ව සිටිනවා. මේ දක්වා  සේවයට වාර්තා නොකළ අය අද පෙවරුවේ ම කාර්යාලවලට වාර්තා කරන්න. එහෙම නොවුණහොත් ඉදිරියේදී නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහොම ආදරයෙන්, කරුණාවෙන් නිලධාරීන්ට ආයාචනය කරනවා සේවයට වාර්තා කරන්න කියලා”

(උපුටා ගැනීම් | mawbima)


සබැඳි ලිපියක් ;

ඇඟිලි සලකුණු විරෝධය බූමරංගයක් ද? : තැපෑල සිව්වන දිනටත් කොට උඩ !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...