The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

නිධානයක් ගොඩ ගත්තා කියන කතාවේ ඇත්ත - නැත්ත ? - පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිගේ ප්‍රතිචාරය මෙන්න

T

The Leader Desk

August 22, 2025 • 5:50 AM

නිධානයක් ගොඩ ගත්තා කියන කතාවේ ඇත්ත - නැත්ත ? - පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිගේ ප්‍රතිචාරය මෙන්න  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උන්වහන්සේ එසේ ප්‍රකාශ කොට සිටියේ අප රටේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම මංසන්ධියේ සිට හමුවන තුන්වන දුම්රිය ස්ථානය වන බුළුගහගොඩ පසු කළ සැණින් වම් පසින් මනාව දිස්වන සමාධි පිළිමය සහ ඒ ඉදිරිපිට මෑතකදී සිට තනා ඇති වැව සහ ඊට සම්බන්ධ සක්මන් මංතීරුව පිළිබඳව අදහස් දක්වමිනි.
  • දැනුත් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ආශ්‍රිත සමාජ සේවා ආයතනයක අධ්‍යක්ෂ පදවියක් හොබවනවා.
  • ඒ මහත්තයාගේ මරණයෙන් පසු ඒක මගේ සුඛ විහරණයට යොදා ගන්නවාට වඩා 1973 වසරේ මා පැවිදි වුණු මගේ පන්සලට මතක හිටින යමක් කළ යුතුයි කියලා මම මුලින් මේ සමාධි පිළිම වහන්සේ නිර්මාණය කරලා, පස්සේ තමයි වැව නිර්මාණය කළේ.
  • ඒ වගේම ඒ පිළිම වහන්සේටත් ඊට යටින් ස්ථාපිත කරපු ධාතු මන්දිරයටත් 90%ක්ම වැය වුණේ මගේ මුදල්.
අකුරු ප්‍රමාණය (Font Size):


උන්වහන්සේ එසේ ප්‍රකාශ කොට සිටියේ අප රටේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම මංසන්ධියේ සිට හමුවන තුන්වන දුම්රිය ස්ථානය වන බුළුගහගොඩ පසු කළ සැණින් වම් පසින් මනාව දිස්වන සමාධි පිළිමය සහ ඒ ඉදිරිපිට මෑතකදී සිට තනා ඇති වැව සහ ඊට සම්බන්ධ සක්මන් මංතීරුව පිළිබඳව අදහස් දක්වමිනි.

 aban

බෝහෙට්ටියේ ආනන්ද හිමි

 

“මම පසුගිය කාලය පුරාවට එංගලන්තයේ සහ ඇමරිකාවේ වැඩ වාසය කළා. දැනුත් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ආශ්‍රිත සමාජ සේවා ආයතනයක අධ්‍යක්ෂ පදවියක් හොබවනවා. මං එංගලන්තයේ වැඩ සිටින කාලේ රිචඩ් ආතර් බෙල් කියන ඉංග්‍රීසි ජාතික මහත්මයා තමන් සතු දේපළක් මගේ නමට පැවරුවා. ඒ මහත්තයාගේ මරණයෙන් පසු ඒක මගේ සුඛ විහරණයට යොදා ගන්නවාට වඩා 1973 වසරේ මා පැවිදි වුණු මගේ පන්සලට මතක හිටින යමක් කළ යුතුයි කියලා මම මුලින් මේ සමාධි පිළිම වහන්සේ නිර්මාණය කරලා, පස්සේ තමයි වැව නිර්මාණය කළේ.  

සමාධි පිළිමය කරගෙන යද්දී නම් මගේ හිතවත් මහත්වරු කිහිප දෙනෙක් මගේ ඉල්ලීමකින් තොරව මට යම් යම් උපකාර කළා. ඒ වගේම ඒ පිළිම වහන්සේටත් ඊට යටින් ස්ථාපිත කරපු ධාතු මන්දිරයටත් 90%ක්ම වැය වුණේ මගේ මුදල්. වැවට නම් මම කාගෙන්වත් කිසිම ආධාරයක් ගත්තේ නැහැ. සම්පූර්ණ මුදල මගෙන්. ඒත් 2015 අවුරුද්දේ ඒ කටයුතු පටන් ගැනීමත් එක්ක තමයි මට බරපතළ ගැටලු සහ අර්බුද රාශියකට මුහුණ දෙන්න වුණේ” යැයි ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

එහිදී උන් වහන්සේ ප්‍රකාශ කළේ එම වැව සහ සක්මන් මංතීරුව ඉදිකිරීම සම්බන්ධයෙන් එම බිම් කොටස සින්නක්කරයට ලබා ගැනීමේ සිට දහසක් බාධා අවහිරතා මැද අවසර ගත යුතු සෑම රාජ්‍ය ආයතනයකින්ම නීත්‍යානුකූලව අවසර ලබා ගත් බවත්ය.

 v5756u56u56u56u56fghbfgbfg

සමාධි බුද්ධ ප්‍රතිමාව

 

“ඔය වැවයි සක්මන් මංතීරුවයි හදන්න යොදා ගත්තු කුඹුර 1973න් පස්සේ අස්වද්දලාම නැහැ. ඒ හින්දා ඒක දූෂිත පරිසර පද්ධතියක් විදිහටයි තිබුණේ. සමහර මහා පරිමාණ කුකුළු ගොවිපොළවලින් ඉවත දාන දහ ජරාවන් නිතරම ඔය ගොහොරුවට එකතු වෙමින් තිබුණා. ඒ වගේම ප්‍රදේශයේ මදුරු වසංගතය වේගයෙන් ඉහළ යමින් තිබුණා. ඒ වගේම හැම වසරකම වියළි කාලවලදී ප්‍රදේශයේ ළිංවල උල්පත් හිඳෙනවා. පහළ කුඹුරුවලට ජල සැපයුමක් තිබුණේ නැහැ.

ඒ හින්දා මෙතැන ජල රඳවනයක අවශ්‍යතාව මට වැටහුණා. ඒ වගේම මේ සමාධි පිළිම වහන්සේ ඉදිරිපිට සුන්දර ජලාශ්‍රිත පරිසරයක සන්සුන් සිතින් සක්මන් කිරීමට කාටත් විවෘත අවකාශයක් ලබා දීමෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග පාලනයක් කළ හැකියි කියන විශ්වාසය මගේ තුළ තිබුණා. ඔන්න ඒ අරමුණු පෙරදැරිව කරපු වැවකින් මට අන්තිමට ලැබුණු ප්‍රතිඵලය” එසේ කී උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ, එම වැව තැනීමේදී විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් ඇති කර ගත් පෞද්ගලික විරසක වීම මුල් කොට, තමන් වහන්සේට ඒ කුඹුරේ තිබී නිධානයක් ලැබුණු කතාව පැතිර ගොස් ඇති බවයි.

aban2
“ඇත්තෙන්ම කියනවා නම් ඔය වැවේ වැඩ කටයුතු සිද්ධ වෙනකොට මම වැඩි කාලයක් වැඩ සිටියේ ඇමරිකාවේ. කොහොම හරි මම මේ කතාවේ සුල මුල හොයාගෙන යනකොට දැන ගන්න ලැබුණා ඒක මේ ගමේ නිදන් උමතුවක් තියෙන පුද්ගලයකුට සාස්තරයකට කියවුණු කතාවක් බව. කොහොම හරි ඒක තමයි පස්සේ ඔය කතාව ගම පුරාම පැතිරුණේ. කොහොමත් ඔය වැව සඳහා භූමි හිමිකම ලබා ගැනීමේ ඉඳලා හැම දෙයක්ම මම කළේ මුළුමනින්ම නීත්‍යානුකූලව. කොටින්ම ඔතැන අබ මල් රේණුවකවත් හොරයක්, බොරුවක්, වංචාවක් කරන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඔය නිදන් ගොඩ දැමීමේ කතාවත් ඒ විරසක වීම් මුල් කර ගත්තු හිතළුවක් වගේම විහිළුවක්. ඒ වගේම අවශ්‍ය කෙනෙකුට ඒ සම්බන්ධ ඕනෑම පරීක්ෂණයක් කරන්නත් පුළුවන්.

ඒ හැම දේකටම මම මගේ උපරිම සහයෝගය දෙනවා” යයි පැවසූ පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් කියා සිටියේ, තමන් වහන්සේගේ මුදල් යොදා මේ වගේ දෙයක් සිදු කොටත්, මෙවැනි අභූත චෝදනා අසන්නට ලැබීමට සිදුවන තරමට අද සමාජයේ මිනිසත් බව පිරිහීම ගැන නම් තමන් වහන්සේ අතිශයින් කණගාටු වන බවය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිධානයක් ගොඩ ගත්තා කියන කතාවේ ඇත්ත - නැත්ත ? - පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිගේ ප්‍රතිචාරය මෙන්න | The Leader