The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

මුදල් අච්චු ගැහුවාද? : 'රැවටෙන්න එපා !' - මහ බැංකුවෙන් නිවේදනයක්

T

The Leader Desk

August 22, 2025 • 5:52 AM

මුදල් අච්චු ගැහුවාද? : 'රැවටෙන්න එපා !' - මහ බැංකුවෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ, මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකකි!
  • මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි.
  • “පුළුල් මුදල් සැපයුම (M2b)” යනු ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාරයක් පමණි.
  • බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජය සතු වාණිජ ව්‍යාපාර වෙත ලබා දුන් ණය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් යනාදිය පුළුල් මුදල් සැපයුම (M2b) තුළ අන්තර්ගත වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ,

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකකි!

“මුදල් අච්චු ගැසීම” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින්ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ.

“පුළුල් මුදල් සැපයුම (M2b)” යනු ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාරයක් පමණි. පුළුල් මුදල් සැපයුම (M2b) තුළ මහජනතාව සතු ව්‍යවහාර මුදල් වලට අමතරව තවත් සංරචක කීපයක් ඇතුළත්වේ. බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජය සතු වාණිජ ව්‍යාපාර වෙත ලබා දුන් ණය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් යනාදිය පුළුල් මුදල් සැපයුම (M2b) තුළ අන්තර්ගත වේ.

මේ නිසා, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම, මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැනදැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින්‍ ය.

| lankatruth

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...