The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය ඩීල් එකක් ද...?

T

The Leader Desk

August 23, 2025 • 4:21 AM

ගල් අඟුරු ටෙන්ඩරය ඩීල් එකක් ද...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ගල් අඟුරු ටෙන්ඩරය නිකුත් කිරීමේ දී සිදුවන බරපතළ අක්‍රමිකතාවක් සම්බන්ධයයෙන් විශේෂ හෙළිකරව්වක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍යය හමුවක දී ය.
  • "ගල් අඟුරු ටෙන්ඩර් නිකුත් කිරීමේ අක්‍රමිකතාවක් ගැන මේ දිනවල සමාජයේ ලොකු කතාවක් ඇති වෙලා තියනවා.
  • ඒ නිසා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුළේ යම්කිසි ඩීල් එකක් තිබුණද කියන සැකය අපිට මතු වෙනවා.
  • දැන් මේ යන විදිහට සමස්ත ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කරලා පළමු ගල් අඟුරු තොගය ගොඩබාන්න වෙන්නේ නොවැම්බර් මාසේ විතර.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ගල් අඟුරු ටෙන්ඩරය නිකුත් කිරීමේ දී සිදුවන බරපතළ අක්‍රමිකතාවක් සම්බන්ධයයෙන් විශේෂ හෙළිකරව්වක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍යය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...

අපැහැදිලි හදිසි තත්ත්වය කුමක් ද...?

"ගල් අඟුරු ටෙන්ඩර් නිකුත් කිරීමේ අක්‍රමිකතාවක් ගැන මේ දිනවල සමාජයේ ලොකු කතාවක් ඇති වෙලා තියනවා. තව පැත්තකින් ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස් වුණේ මෙවැනි වංචාවක් බලාගෙන ඉන්න බැරි නිසා වගේ කතාවක් විපක්ෂයෙන් ප්‍රචාරය කරමින් යනවා. නමුත් අපි හිතනවා ඉල්ලා අස් වුණා කියලා ඔහුට වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් ඔහුට විරුද්ධදත් පරීක්ෂණ දියත් වෙන්න ඕන.
ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේ දී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් දෙන්න ඕන. නමුත් මේ ටෙන්ඩරය සඳහා දීලා තියෙන්නේ සති තුනක කාලයක්. මෙහෙම අඩු කාලයක් දුන්නම වෙන්නේ බොහෝ පිරිසකට ටෙන්ඩරය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව අහිමි වෙලා කලින් සූදානමින් සිටි පුද්ගලයෙක්ට ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගන්න ඉඩ ලැබෙන එක. ඒ නිසා  මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුළේ යම්කිසි ඩීල් එකක් තිබුණද කියන සැකය අපිට මතු වෙනවා. දැන් රජය පැත්තෙන් කරන පැහැදිලි කිරීම තමයි හදිසි අවස්ථාවක් නිසා ටෙන්ඩර් කාලසීමාව අඩු කරන්න වුනා කියන එක. නමුත් ඒ හදිසි තත්ත්වය මොකක් ද කියලා පැහැදිලි කරලා නෑ.

ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රමාද කළේ ඇයි...?

අපි දන්නවා සාමාන්‍යෙන් ලංකාවේ ගල් අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවීම පෙබරවාරි මාර්තු අතර පටන් අරගෙන අප්‍රේල් මැයි අතර කාලයකදි අවසන් වෙනවා. ජූලි මාසේ වගේ වෙද්දී තමයි මෙහෙම ඉල්ලුම් කරන ටෙන්ඩර් අතරින් සමාගමක් තෝරගැනීම කරන්නේ. ඊටපස්සෙ සැප්තැම්බර් මුල වගේ පළමු ගල් අඟුරු තොගය ලංකාවට ගෙන්නනවා. නමුත් මේ සාමාන්‍ය ක්‍රියාවලියට පිටින් ගිහිල්ලා මේ සැරේ ටෙන්ඩරය නිකුත් කරලා තියෙන්නේ ම අගෝස්තු මාසේ. දැන් මේ යන විදිහට සමස්ත ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කරලා පළමු ගල් අඟුරු තොගය ගොඩබාන්න වෙන්නේ නොවැම්බර් මාසේ විතර. මේ තත්ත්වය නිසා ඉදිරියේදී ගල් අඟුරු හිඟයක් ඇති වෙන්න නියමිතයි.

දැන් මේක නිසා ජනතාවට ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි වැඩි හදිසියේ ගල් අඟුරු මිලදී ගැනීමේදී වැඩි මිලට ගන්න වුනොත් ඒකෙ වන්දිය නැවත ගෙවන්න වෙන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට. ඒ කියන්නේ නැවත විදුලි බිල වැඩි වීමක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ගල් අඟුරු හිඟයක් එක්ක ඔක්තෝබර් නොවැම්බර් වෙද්දි වැස්සත් අඩු වුණොත් විදුලි කප්පාදුවක් ඇති වෙන්න තියෙන ඉඩත් වැඩියි. මෙවැනි ප්‍රශ්න ගණනාවක් වෙනවා කියලා දැන දැන ම ඇයි ආණ්ඩුව ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රමාද කළේ?

එදා රාජපක්ෂලා ගේ ඩීල්කරු අද ආණ්ඩුවේ ගජ මිතුරෙක්...?
රටේ ගල් අඟුරු හිඟයක් ඇති වුනොත් ඩීසල්වලින් ක්‍රියාත්මක වෙන පෞද්ගලික විදුලිබලාගාර හිමියන්ගේ කල්ල මරේ. එතකොට ඔවුන්ගේ සාක්කු පුරවන අරමුණින් හිතාමතාම ටෙන්ඩරය ප්‍රමාද කලා ද කියන සැකයත් අපිට මතු වෙනවා. මොකද කුමාර ජයකොඩි ඇමතිවරයට විරුද්ධව දැනටමත් වංචා දූෂණ චෝදනා ගණනාවක් තියනවා.
අනිත් බරපතළම කාරණය තමයි මේ ගල් අඟුරු ටෙන්ඩරය Panacape කියන සමාගමට ලබාදීමේ කුමන්ත්‍රණයක් මේ සමස්ත ක්‍රියාවලිය පිටුපස හැංගිලා තියනවා. මේ සමාගම අයිති රුවන් ප්‍රනාන්දු කියන පුද්ගලයට. ඔහුව තමයි මේ ආණ්ඩුවෙන් හිල්ටන් එකේ සභාපති බවට පත් කලේ. හාස්‍යජනකම කාරණය තමයි පහුගිය කාලේ ආණ්ඩුව ලොකුවට කතාකරපු උගන්ඩාවට සල්ලි යැව්වා කියන ගුවන්‍ යානය සඳහා අනුග්‍රහය ලබාදීලා තියෙන්නේ මේ රුවන් ප්‍රනාන්දුට සහ කනනාදන් කියන පුද්ගලයට අයිති මේලීන් කියන සමාගම.

දැන් රාජපක්ෂලාගේ හොරකම් ගැන ලොකුවට කතාකරපු ආණ්ඩුව ඒ රාජපක්ෂලා එක්ක ඩීල් එකක හිටපු රුවන් ප්‍රනාන්දුව ගජ මිතුරා කරගෙන. අපි හිතනවා මේක ආණ්ඩුවේ දේශපානලන සදාචාරය ගැන බරපතළ ප්‍රශ්නයක්. ඊටත් වඩා ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා ගැනවත් නොහිතා එක පුද්ගලයෙක්ගේ මල්ල පුරවන්න සමස්ත විදුලිබල පද්ධතිය ම අර්බුදයට යැවීමක්. ඒ නිසා ආණ්ඩුව වහාම මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. "

(සටහන - ජයසිරි අලවත්ත)




 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...