The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

රනිල් වික්‍රමසිංහ වහාම දැඩිසත්කාර ඒකකයට

T

The Leader Desk

August 23, 2025 • 1:50 PM

රනිල් වික්‍රමසිංහ වහාම දැඩිසත්කාර ඒකකයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
  • ඔහුට ඇති වී තිබෙන "විජලනය තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි" ඔහු මෙලෙස දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇත.
  • "නිරීක්ෂණයක් සඳහා ඇතුළත් කළා.
  • හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය සම්බන්දයෙන් වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඔහුට ඇති වී තිබෙන "විජලනය තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි" ඔහු මෙලෙස දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇත.

"නිරීක්ෂණයක් සඳහා ඇතුළත් කළා. රස්නයත් එක්ක පැය ගණනක් උසාවියේ හිටියා ම විජලයන වෙනවනේ. වතුර බොන්නෙත් නැතුව, කන්නෙත් නැතුව," වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් පැවසිය.

හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය සම්බන්දයෙන් වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශයක්

 

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් වහාම කොළඹ ජාතික රෝහලට යොමුකිරීමට නිර්දේශ කර තිබුනේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසිනි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම, දැඩි වෙහෙස, තෙහෙට්ටු ගතිය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි. ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ ද අනුමැතිය හිමිව තිබිණ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...