එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ ඊයේ (23) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදූරදර්ශී සහ අසමත් වැඩපිළිවෙල හේතුවෙන්, දිනෙන් දින විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් මෙරටට අහිමි වෙමින් පවතී. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රැකගැනීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ, වෛද්‍යවරුන් රැක ගැනීම නොව ඔවුන් පලවා හැරීම යැයි සඳහන් කරයි.
එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අදූරදර්ශී, අකාර්යක්ෂම සහ අසමත් වැඩපිළිවෙළ හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වනුයේ මෙරට අහිංසක රෝගී ජනතාව වන අතර, නුදුරු අනාගතයේ දී ඒ සම්බන්ධයෙන් ජනතාවටම සෘජුවම පිළිතුරු බැඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට සිදුවනු ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.







