කෙසේ නමුත්, එම තීරණයෙන් පසු ඉන්දියානු රජය විසින් කන්කසන්තුරේ වරාය සම්පූර්ණයෙන් නොමිලේ ඉදිකර දීමට(ග්‍රාන්ට්) එකඟ වී ඇති නමුත් ඊට හෝ රජයෙන් අනුමැතිය නොදී සිටින බව මන්ත්‍රීවරයා කීය.
ඔහු මෙසේද කීය.
“පහුගිය ආණ්ඩු කරගෙන ගිය ඒ ව්‍යාපෘතිවලට අමතරව අලුත් ව්‍යාපෘති එකතු වුණා කියලා මම දන්නේ නැහැ. එකම එක උදාහරණයක් මම කියන්නම්. මම මැදිහත් වු එකක්. කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සුළු සොෆ්ට් ලෝන් එකක් තමයි දෙන්න ගියෙ. පාර්ට් ලෝන්, පාර්ට් බ්‍රාන්ච්. අපි දන්න විදිහට මේ ආණ්ඩුව ආවට පස්සේ ඇමති බිමල් රත්නායක කියලා තිබුණා කන්කසන්තුරේට වරායක් අවශ්‍ය නැහැ කියලා මට ආරංචි විදිහට.කන්කසන්තුරේට වරායක් දැනට අවශ්‍ය නෑ කියලා තමයි කියලා තියෙන්නෙ. ඒ දිහා අපිත් සාධාරණව බැලුවා මොකද ඒක ණයක්නෙ.ඊට පස්සෙ ඉන්දියාවෙ රජය කිව්වා මේක අපි සම්පූර්ණයෙන් නොමිලෙ හදලා දෙන්නම් කියලා. ග්‍රාන්ට් එකක් විදිහට. ඒකට වත් අනුමැතිය දෙන්නෙ නෑ.
(mawbima | Anuradha Herath)




