The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ඉන්දියාව, අපේ රටේ ඉඩම්, වරායවල්, බලශක්තිය යනාදි මේ සියල්ල කොල්ලකනවා - දුමින්ද නාගමුව

T

The Leader Desk

August 24, 2025 • 8:40 AM

ඉන්දියාව, අපේ රටේ ඉඩම්, වරායවල්, බලශක්තිය යනාදි මේ සියල්ල කොල්ලකනවා - දුමින්ද නාගමුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙලෙස පැවසුවේ "IMF මර උගුලට - ඉන්දියන් පාවාදීමට - ජන පීඩාවට එරෙහි ජන පෙළගැස්ම " මැයෙන් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ නගර දැනුවත් කිරීමේ වැඩසටහනේ මංගල වැඩ සටහන ඊයේ (23) නුවර නගරයෙන් ආරම්භ කළ අවස්ථාවේ දී ය.
  • මහාපරිමාණ ව්‍යාපාරිකයෝ නොගෙවා ඇති බදු ප්‍රමාණය බිලියන 560කට අධිකයි "ජන අරගල ව්‍යාපාරය විදිහට අපි පහුගිය කාලේ පුරාම හඬ නගමින් හිටියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව.
  • ඒ සැලසුම්වල තියෙනවා පාසල් 3000ක් වහන යෝජනා.
  • ජනතාව ගන්න පරිප්පු ඇටේ ඉඳලා හාල් ඇටේ ඉඳලා බදු ගෙවද්දි මහාපරිමාණ ව්‍යාපාරිකයෝ රජයට නොගෙවා පැහැරහැරපු බදු ප්‍රමාණය බිලියන 560කට වැඩියි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔහු මෙලෙස පැවසුවේ "IMF මර උගුලට - ඉන්දියන් පාවාදීමට - ජන පීඩාවට එරෙහි ජන පෙළගැස්ම " මැයෙන් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ නගර දැනුවත් කිරීමේ වැඩසටහනේ මංගල වැඩ සටහන ඊයේ (23) නුවර නගරයෙන් ආරම්භ කළ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...

මහාපරිමාණ ව්‍යාපාරිකයෝ නොගෙවා ඇති බදු ප්‍රමාණය බිලියන 560කට අධිකයි
 
WhatsApp Image 2025 08 24 at 8.45.20 AM 1
"ජන අරගල ව්‍යාපාරය විදිහට අපි පහුගිය කාලේ පුරාම හඬ නගමින් හිටියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව. රටේ ආර්ථිකය ගොඩගන්නවා කියලා ඇවිත් අපේ රට ක්‍රමයෙන් ණය උගුලක හිර කරන ව්‍යාපෘතියක් තමයි ඔවුන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ.

අනිත් පැත්තෙන් ඉන්දියාව ටිකෙන් ටික දැල් එළමින් අපේ රටේ ඉඩම් ටික වරායවල් ටික බලශක්තිය මේ සියල්ල කොල්ලකමින් යනවා. අපි මේ සටන ආරම්භ කළේ මේ ආණ්ඩුව බලයට පත් වෙන්නත් කලින් ඉඳලා. මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කරනවා කියලා. නමුත් බලයට ආවට පස්සේ ඒ සියල්ල අමතක කරලා දැන් පරණ නව ලිබරල් වැඩපිළිවෙළම ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා.

එදා පාසල් වැසීමට එරෙහිව පාරට බැහැපු අයම අද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ලෝක බැංකුවේ සැලසුම් කර තියාගෙන යනවා. ඒ සැලසුම්වල තියෙනවා පාසල් 3000ක් වහන යෝජනා. එදා විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව සටන් කරපු අයම එදා රනිල්ට කාන්චනට සම්මත කරගන්න බැරි වුණු විදුලි පනත සම්මත කරලා විදුලිබල මණඩලය විකුණන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විදුලිබල මණඩලය මස් කරලා විකුණන සැලසුමේ එක පියවරක් විදිහට තමයි අද ජනතාවගේ විදුලිබිල වැඩි කරලා තියෙන්නෙත්.

අද වෙද්දි රටේ ජනතාවට තුන් වේලවත් කන්න විදිහක් නෑ. අත්‍යාවශ්‍යය ආහාර ද්‍රවය සියල්ලටම බදු ගහලා. දරුවන්ගේ පොත් පත් ටිකට ඔබ ලෙඩ වුණාම ගන්න බෙහෙත් ටිකට පවා බදු ගහලා. මේ සියල්ල වෙන්නේ IMF එක සතුටු කරන්න. ජනතාව ගන්න පරිප්පු ඇටේ ඉඳලා හාල් ඇටේ ඉඳලා බදු ගෙවද්දි මහාපරිමාණ ව්‍යාපාරිකයෝ රජයට නොගෙවා පැහැරහැරපු බදු ප්‍රමාණය බිලියන 560කට වැඩියි. නමුත් ඒ බදු අය කරගන්න කිසිඳු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නෑ.
 
WhatsApp Image 2025 08 24 at 8.45.21 AM 1
''ඉන්දියාව ගැන කිව්වාම බිල්ලෙක් මවනවා කිව්වා.. අන්න බිල්ලා ත්‍රිකුණාමලයේ සෙල්ලම් කරනවා''

අනිත් පැත්තෙන් අද ඉන්දියානු උවමනාවන්ට අනුව තමයි ආණ්ඩුව නැටවෙන්නේ. මුත්තු නගර් ප්‍රදේශයේ අක්කර 800ක ඉඩම් මේ වෙද්දිත් ඉන්දියානු සමාගම්වලට බදු දීලා. ප්‍රදේශයේ වගා කරමින් ජීවත් වුණු ගොවි පවුල් 351ක් බලහත්කාරයෙන් එළවලා තමයි මේ ඉඩම් ඉන්දියාවට දුන්නේ. අද වෙද්දි මන්නාරම දූපත ම ඉන්දියාවට දෙන්න සූදානම් වෙනවා. ඛනිජ කැණීමටයි සුළං බලාගාර හදන්නයි.

අපි දන්නවා මන්නාරම කියන්නේ ජාත්‍යන්තර පක්ෂි පර්‍යටන කොරිඩෝවක් තියෙන තැනක්. ඒ සියලු දේවල් අමතක කරලා ධීවරයින්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර තමයි මන්නාරම මෝදිට පුදන්න සූදානම් වෙන්නේ.

මේ සියල්ල දිහා බැලුවම අපිට පේනවා ආණ්ඩුව මේ ගමන් කරමින් ඉන්නේ එදා රනිල්ලා රාජපක්ෂලා ක්‍රියාත්මක කරමින් හිටපු ජනතාද්‍රෝහී වැඩපිළිවෙළම තමයි කියන එක. ආණ්ඩුවේ මේ ආර්ථික දේශපානලන වැඩපිළිවෙළ ඉදිරියට ගියොත් ඉදිරි අවුරුදු දහය ඇතුළේ රට විශාල උගුලක හිර වෙනවා. ඒ අනතුර කල් තියා අඳුරගෙන තමයි ජන අරගල ව්‍යාපාරය අද නගරයෙන් නගරයට ඇවිල්ලා ජනතාව දැනුවත් කරන්න තීරණය කළේ.

"රනිල් හිරේ දාපු එක හොඳයි.. හැබැයි රනිල්ගේ ප්‍රතිපත්ති කරේ දාගෙන යනවා නම් ඒක නරකයි සහෝදරයා"
 
WhatsApp Image 2025 08 24 at 8.45.21 AM 2
දැන් ගොඩක් අය රනිල්ව අත් අඩංගුවට ගැනීමෙන් ඇස් නිලංකාර කරගෙන ඉන්නේ. ඒ නිසා මේ වැටෙන ආර්ථික මර උගුල පේන්නෙ නෑ. අපි රටක් විදිහට ණය උගුලක හිර වෙන්න යන එක දැන් කාටවත් පේන්නෙ නෑ. රනිල්ව හිරේ දාපු පුවත කරේ තියාගෙන ගියාට කමක් නෑ. නමුත් ආණ්ඩුව වහාම ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දිය යුතුයි. ආණ්ඩුව රනිල්ව හිරේ දාලා ජනතාවගේ ඇස් නිලංකාර කරන ගමන් හොර පාරෙන් රනිල්ගේ වැඩපිළිවෙළ කරේ තියාගෙන යන්න තමයි සූදානම් වෙන්නේ.

අපි ජන අරගල සන්ධානය විදිහට මේ රටේ ජනතාවට කියනවා IMF වැඩපිළිවෙළට ඉන්දියන් මැදිහත්වීමට එරෙහිව ජන බලයක් ගොඩනගන්න එකතු වෙන්න කියලා. මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරජාය කරන්න පුළුවන් වෙන්නේ එවැනි ජනතා බලයකට විතරයි."

අපි තව දුරටත් බලා සිටිය යුත්තේ ඇයි - වසන්ත මුදලිගේ

WhatsApp Image 2025 08 24 at 8.45.20 AM 2
"අද මේ නුවර නගරේ ඉන්න ත්‍රීවිල් එකක් එළවන තාත්තලා, හන්දියේ කඩයක් දාගෙන කීයක් හරි හොයන අම්මලා මේ හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒ අම්මලාගේ ඒ තාත්තලාගේ ප්‍රශ්නය අරගෙන තමයි අද අපි ඔබ ඉදිරියට ආවේ. අපි එහෙම එනකොට ආණ්ඩුව කියනවා තාම අවුරුද්දයිනේ අනේ තව ටිකක් ඉවසන්නලු. අපි අහනවා අපිට බලාගෙන ඉන්න කියන්නේ ඇයි...?

බෙල්ල මුලටම බදු ගහලා මිනිස්සුන්ට තුන් වේල කන්න නැති කරද්දි අපි තවත් බලාගෙන ඉන්න ඕන ද, පාසල් දරුවන්ගේ පොත්පත්වලට බදු ගැහුවා මදිවට ගමේ ඉස්කෝලේ වහන්න සැලසුම් හදාගෙන එනකොට අපි බලාගෙන ඉන්න ඕන ද, මුත්තු නගර්වල ගොවියන්ව මන්නාරමෙ ධීවරයන්ව එළවලා ඉඩම්ටික ඉන්දියානු සමාගම්වලට විකුණද්දි අපි බලාගෙන ඉන්න ඕන ද? එහෙම බලාගෙන ඉන්න තවදුරටත් බැරි නිසා තමයි අපි ජන අරගල සන්ධානය විදිහට නගරයෙන් නගරයට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන්න තීරණය කළේ.

පරණ හොරු යළි නැගිටින්නේ කාගේ වරදින් ද...?

දැන් මේ සියල්ල කරන ගමන් ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බයිලා ගහනවා. මේවට එරෙහිව කතාකරන්කොට අපිට කියනවා කෑ ගහන්න එපාලු. අපි කෑ ගැහුවොත් පරණ හොරු නැගිටිනවලු. අපි අහනවා පරණ හොරු නැගිටින්නේ අපි මේ ප්‍රශ්න කතාකරන නිසා ද, නැත්තං ආණ්ඩුව ඡන්දෙට කලින් දීපු පොරොන්දු අමතක කරලා දැන් ක්‍රියාත්මක කරමින් ඉන්න ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ නිසාද ?

මන්නාරමේ ධීවරයෝ තමන්ගේ ඉඩම් ටික ඉන්දියාවට පාවාදෙන්න එපා කියලා ආරම්භ කරපු සත්‍යග්‍රහයට අදට දවස් 21ක්. දැන් මේගොල්ලො බලාගෙන ඉන්නේ මොනවහරි කරලා ඒ ජනතාව එතනින් එළවලා ඉන්දියාවට දූපතම ලියලා දෙන්න. නමුත් අපි කියනවා ජන අරගල ව්‍යාපාරය විදිහට අපි ඒකට ඉඩ තියන්නේ නෑ. අපි මන්නාරම දූපත විකිණීම්ට එරෙහිව අරගල කරනවා. මුත්තු නගර් ඉඩම් ටික ඉන්දියාවට දෙන්න එපා කියලා සටන් කරන ගොවියෝ එක්ක අපි ඉන්නවා. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ අරගලය ඇතුළෙ අපි ඉන්නවා.

ජනතාව මේ ආණ්ඩුවට මැදිහත් විය යුත්තේ ඇයි...?
 
WhatsApp Image 2025 08 24 at 8.45.21 AM 3
දැන් මේ රටේ ජනතාව ආණ්ඩු හදලා ආණ්ඩු එළවලා හෙම්බත් වෙලා ඉන්නේ. අලුතින් ආණ්ඩුවක් හදන්න හරි ආණ්ඩුව එළවන්න හරි කියලා නෙවෙයි අපි අද ඔබ ඉදිරියට ඇවිත් ඉන්නේ. අපි විස්වාස කරනවා මෙතෙක් කල් ආණ්ඩු ක්‍රියාත්මක කරන් ගියපු ජනතාද්‍රෝහී වැඩපිළිවෙළවල අපි පරාජය කළේ මහජන බලයෙන්. ඔබ මෙච්චර කල් කළේ ඡන්දෙ දීලා ආණ්ඩුවක් හදලා ගෙදරට වෙලා බලාගෙන ඉන්න එක.

අපි කියන්නේ දැන් එහෙම බලාගෙන හිටියා ඇති. ආණ්ඩුව හැදුවා වගේම ඒ හදපු ආණ්ඩුව හරි පාරේ අරගෙන යන්න පුළුවන් මහජන බලයක් හැදෙන්න ඕන. දැන් මේ ආණ්ඩුව පාලනය කරන්නේ IMF එක. දැන් ආණ්ඩුව පාලනය කරන්නේ ඉන්දියාව. මේ ආණ්ඩුව පාලනය කරන්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයෝ. ඒ නිසා තමයි ආණ්ඩුව IMF එකයි ඉන්දියාවයි සතුටු කරන ගමනක යමින් ඉන්නේ. අන්න ඒ ගමන වෙනස් කරන්න නම් ජනතාව මේ ආණ්ඩුවට මැදිහත් වෙන්න ඕන. අන්න ඒ මහජන බලය ගොඩ නගන්න එකතුවෙන්න කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා."

(සටහන - ජයසිරි අලවත්ත)
 ..........

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියාව, අපේ රටේ ඉඩම්, වරායවල්, බලශක්තිය යනාදි මේ සියල්ල කොල්ලකනවා - දුමින්ද නාගමුව | The Leader