The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

විනිසුරුවරියට අපහාස කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් !

T

The Leader Desk

August 24, 2025 • 8:09 AM

විනිසුරුවරියට අපහාස කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝගකළ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට, මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ලබාදීමට රජය විසින් තීරණය කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පලවන සටහන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පළකර ඇති එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
  • '' මේ පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන ප්‍රකට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු වර්තමානයේ එම ප්‍රචාර නිර්මාණය කරන්නන් සහ ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ප්‍රචාර නිර්මාණය කළ පිරිසත් මෙහෙය වූයේ එකම කණ්ඩායමක් බව හඳුනා ගෙන තිබේ.
  • මේ අතර නීතිය පිළිබඳව ප්‍රාමාණික උගතුන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම දක්වා සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කර ඇති බවයි.
  • එම පිරිස් සහභාගිවන විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ සංවිධානය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝගකළ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට, මහාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ලබාදීමට රජය විසින් තීරණය කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පලවන සටහන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පළකර ඇති එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

'' මේ පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන ප්‍රකට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු වර්තමානයේ එම ප්‍රචාර නිර්මාණය කරන්නන් සහ ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ප්‍රචාර නිර්මාණය කළ පිරිසත් මෙහෙය වූයේ එකම කණ්ඩායමක් බව හඳුනා ගෙන තිබේ. මේ අතර නීතිය පිළිබඳව ප්‍රාමාණික උගතුන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම දක්වා සැලසුම් සහගත ක්‍රියාමාර්ග දියත් කර ඇති බවයි.

විපක්ෂයේ සිටින නීතිඥවරු බව කියා ගන්නා දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු ව්‍යංගයෙන් අපහාස කිරීමට පටන් ගෙන ඇති බවත් තහවුරු වී ඇත.''

(උපුටා ගැනීම අවසන්)

'රනිල් රිමාන්ඩ් කිරීම නීත්‍යානුකූලයි' - නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම සරළ ලෙස පැහැදිලි කිරීමට ආණ්ඩුවට හිතවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුම ඉදිරිපත් වී සිටිති. එම පිරිස් සහභාගිවන විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ සංවිධානය කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න පවසන්නේ, යම් සැක සහිත කටයුත්තක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පොලිසිය ඇතුළු ආයතනවල කාර්යභාරය බවයි.

එම පරීක්ෂණ මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීත්‍යානුකූල කටයුත්තක් බවත්, අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට හෝ පිරිසකට සැකයක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ද පැහැදිලි නීතිමය ප්‍රතිපාදන ඇති බවත් ආචාර්ය සුනිල් අබේරත්න පෙන්වා දෙයි.

එම පැහැදිලි කිරීම් ඇතුලත් වීඩියෝවක් මතු පළවේ.

(උපුටා ගැනීම් -lankatruth)



සබැඳි ලිපියක් :

රනිල්ට ඇප නොදීමට හේතුන් සහ ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද ?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...