The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

'ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගෑමක්' - මෛත්‍රීපාල සිරිසේන

T

The Leader Desk

August 24, 2025 • 10:21 AM

'ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගෑමක්' - මෛත්‍රීපාල සිරිසේන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය පරදමු" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ජනාධිපති සිරිසේන මේ බව ප්‍රකාශ කළේය.
  • ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනය සමඟ ගමන් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙමෙන් කෙමෙන් වියැකී යන ස්වභාවයක් දක්නට ලැබෙන බව පෙන්වා දෙමින් "අද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇතිවෙලා තිබෙනවා දේශපාලනය දන්න අයට.
  • ඒ මොකද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් මැකී යන ආකාරයක් අපිට දකින්න පුළුවන්," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
  • නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ බවත්, විශේෂයෙන් තමන්ගේ පාලන සමයේ ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය තවදුරටත් තහවුරු වූ බවත් ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


"ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය පරදමු" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ජනාධිපති සිරිසේන මේ බව ප්‍රකාශ කළේය. දේශපාලන පක්ෂ නායකයින්, හිටපු අමාත්‍යවරුන් සහ පාක්ෂිකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

සිය දේශනය ආරම්භ කරමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව පළ කළ අතර "හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුලින්ම මගේ දැඩි කණගාටුව, ඒ වගේම ඒ පිළිබඳව අපේ සිත්වල ඇතිවෙලා තිබෙන වේදනාව ප්‍රකාශ කරනවා," යැයි පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනය සමඟ ගමන් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙමෙන් කෙමෙන් වියැකී යන ස්වභාවයක් දක්නට ලැබෙන බව පෙන්වා දෙමින් "අද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇතිවෙලා තිබෙනවා දේශපාලනය දන්න අයට. ඒ මොකද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ කෙමෙන් කෙමෙන් මැකී යන ආකාරයක් අපිට දකින්න පුළුවන්," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

1947 නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ බවත්, විශේෂයෙන් තමන්ගේ පාලන සමයේ ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය තවදුරටත් තහවුරු වූ බවත් ඔහු සඳහන් කළේය.

වත්මන් තත්ත්වය "ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගෑමක්" බවත් රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම සියලු පුරවැසියන්ගේ, මාධ්‍ය ආයතනවල, ආගමික නායකයින්ගේ සහ රාජ්‍ය සේවකයින්ගේ යුතුකමක් හා වගකීමක් බව අවධාරණය කළේය.
එබැවින්, පවතින දේශපාලන ප්‍රතිපත්ති හා පක්ෂ භේද පසෙකලා, පොදු මහජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා එක්සත්ව, ඒකාබද්ධ මතයක සිට කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද හිටපු ජනපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...