මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙම කරුණ දේශපාලන වාසි තකා යොදාගනිමින් සිටින බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගනේෂන් , ජනාධිපතිවරයාගේ වියදම් අධික යැයි හැඟී ගියේ නම්, එම මුදල නැවත අය කරගන්නා ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව තිබූ බව පෙන්වා දුන්නේය. එසේ නොකර මාධ්‍ය හරහා චෝදනා එල්ල කිරීමේ අරමුණ කුමක්ද? යි ඔහු ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාද සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය ආරම්භ වන්නේ කොතැනින්ද යන්න පිළිබඳ රට තුළ විවාදයක් පවතින බවත්, අවශ්‍ය නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට තමන් සූදානම් බවත් ඔහු පැවසීය.
මෙම ක්‍රියාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව දියත් කර ඇති දේශපාලන අරමුණක් සහිත ක්‍රියාවක් බවත්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එය තරයේ හෙළා දකින බවත් මනෝ ගනේෂන් වැඩිදුරටත් සිය ප්‍රකාශය අවසන් කරමින් කියා සිටියේය.




