The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

රනිල් කියන්නෙ නයෙක් - දුමින්ද නාගමුව

T

The Leader Desk

August 24, 2025 • 11:35 AM

රනිල් කියන්නෙ නයෙක් - දුමින්ද නාගමුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ "IMF මර උගුලට - ඉන්දියන් පාවාදීමට - ජන පීඩාවට එරෙහි ජන පෙළගැස්ම" මැයෙන් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ නගර දැනුවත් කිරීම දෙවෙනි දිනය වන අද (24) නිට්ටඹුව නගරයේ ජනතාව දැනුවත් කරමිනි; එම ජන පෙළගැස්ම අද කිරිබත්ගොඩ නගරය දක්වා පැමිණීමට නියමිත ය.
  • දැන් ඇතුළට දාලා ඉන්න රනිට ආයේ එළියට එන්න ඉඩ දුන්නොත් එහෙම NPP ආණ්ඩුවට වෙන්නෙත් නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත මිනිහට වුණ වැඩේම තමයි.
  • මොකද ඇතුළට ගිය රනිල් එළියට ආවොත් නිකන් ඉන්නේ නෑ.
  • නමුත් ඊළඟ නඩු විභාගයේ දී රනිල්ට ඇප හම්බවුනොත් ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ගය තේරුමක් නැතුව යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ "IMF මර උගුලට - ඉන්දියන් පාවාදීමට - ජන පීඩාවට එරෙහි ජන පෙළගැස්ම" මැයෙන් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ නගර දැනුවත් කිරීම දෙවෙනි දිනය වන අද (24) නිට්ටඹුව නගරයේ ජනතාව දැනුවත් කරමිනි; එම ජන පෙළගැස්ම අද කිරිබත්ගොඩ නගරය දක්වා පැමිණීමට නියමිත ය.

ඒ අවස්ථාවේ දී වැඩි දරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...

නයාට ගහල පොල්ල වරද්ද ගත්තා ද...?

"අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම සහ සිරගතකිරීම වළක්වන්න විශාල කුමන්ත්‍රණයක් දියත් වුණා. අපිට ආරංචි විදිහට විදෙස් තානාපති කාර්‍යාලවලින් පවා මේ ආණ්ඩුවට බලපෑම් ඇවිත් තියනවා. නමුත් ඒ සියල්ල තිබියදී රනිල්ව අත් අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ගත්ත ඉතාම ඉදිරිගාමී පියවරක් විදිහට අපි දකිනවා.

නමුත් අපි දන්නවා ලංකාවේ ප්‍රකට ජනවහරක් තියනවා "නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා කියලා" ඒකට හේතුව තමයි නයාට ගහන්න ගිහිල්ලා ඒ පහර වැරදුනොත් නයා පෙරළා අපිට පහර දෙනවා. දැන් ඇතුළට දාලා ඉන්න රනිට ආයේ එළියට එන්න ඉඩ දුන්නොත් එහෙම NPP ආණ්ඩුවට වෙන්නෙත් නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත මිනිහට වුණ වැඩේම තමයි. මොකද ඇතුළට ගිය රනිල් එළියට ආවොත් නිකන් ඉන්නේ නෑ. අපි දන්නවා රනිල් කියන්නේ බටලන්ද වගේ වධකාගාර පවත්වාගෙන ගිය ම්ලේච්ඡ මිනීමැරු අපරාධකාරයෙක්. ඒ නිසා රනිල් කියන්නේ කිසිසේත්ම එළියෙ සමාජයේ තියන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. අන්න ඒ නිසා රනිල් වික්‍රමසිංහව සිරගත කිරීම වෙනුවෙන් ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකදී මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න අපි සූදානම්.

රනිල් පිළිබඳ අපේ යෝජනාව

රනිල් වික්‍රමසිංහව මේ ආණ්ඩුව අත් අඩංගුවට අරගෙන තියෙන්නේ පොදු දේපොළ පනත යටතේ. අපිට තියන අත්දැකීම් අනුව නම් මේ පනතෙන් නඩු දැම්මාම මාස තුනක් යනවා ඇප ගන්න. නමුත් ඊළඟ නඩු විභාගයේ දී රනිල්ට ඇප හම්බවුනොත් ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ගය තේරුමක් නැතුව යනවා. ඒ නිසා ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියන්න නම් රනිල්ට විරුද්ධව තියෙන සියලු චෝදනා උසාවිය හමුවට ගේන්න ඕන. රනිල්ට විරුද්ධව තියන බටලන්ද චෝදනාව උසාවියට ගේන්න ඕන. මහබැංකු මංකොල්ලය සම්බන්ධ චෝදනාව ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා මේ සියලු ඡෝදනා ගෙනල්ලා රනිල් වික්‍රමසිංහට නැවත එළියට එන්න බැරි විදිහට හිර කරන්න කටයුතු කරන්න කියන යෝජනාව අපි ආණ්ඩුවට කරනවා.

අපි දන්නවා රනිල් කියන්නේ නයෙක්. හැබැයි ආණ්ඩුව මේ වෙලාවේ ඒ නයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා ගත්ත තීන්දුව අපි අගය කරනවා. එහෙම අගය කරන ගමන් අපි ආණ්ඩුවට කියන්නේ දැන් නැවත හැරෙන්න එපා මේ ක්‍රියාමාර්ගයත් එක්ක ඉස්සරහට යමු කියලා.

රට ණය උගුලක හිර කළේ කවුද...?


මේ ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරමින් යන IMF ආර්ථික වැඩපිළිවෙළ සහ ඉන්දියාවට රටේ ඉඩම් ටික විකුණමින් මේ යන දේශපානලන ගමන ගැන අපිට වෙනම විවේචනයක් තියනවා. නමුත් ඒ සියල්ල තිබියදී පවා ආණ්ඩුව මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගන්න සියලු ක්‍රියාමාර්ගවලදී සහයෝගය දෙන්න දේශපානලන ව්‍යාපාරයක් විදිහට අපි සූදානම්. ඒ සඳහා බටලන්ද වධකාගාරයේ දී රනිල් වික්‍රමසිංහ කරපු දේවල් ගැන අවශ්‍ය ඕනෑම මොහොතක උසාවියේදී සාක්ෂි දෙන්නත් අපි පසුබට වෙන්නේ නෑ.

ඒ වගේම තමයි අපි රටේ ජනතාවටත් කියනවා රනිල් කියන්නේ මේ රටේ ආර්ථිකය විනාශ කරන්න දායක වුණු ආර්ථික ඝාතකයෙක්. ඔහු තමයි මේ රට මේ විදිහේ ණය උගුලක හිර කළේ. ඒ නිසා ඒ රනිල්ලට නැවත මේ රටේ සෙල්ලම් දාන්න ඉඩ තියන්න එපා. මේ දූෂිත දේශපානලන පිල්ලිවලට එරෙහිව මහජන බලයක් ගොඩනමු කියන යෝජනාවත් අපි මේ වෙලාවේ සමස්ත ජනතාවට ඉදිරිපත් කරනවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...