වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබුණි.
කෙසේවෙතත් ඊයේ රාත්‍රී විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.
එහි දී සිය ඉල්ලීම් ඉටුකිරීම සදහා අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සදහන් කළේය.
සබැඳි පුවත ;
වෛද්‍ය සංගමය සඳුදා වර්ජනයේ හේතු පැහැදිලි කරයි; මඩ බළකායක් පිළිබඳවත් හෙළි කරයි




