The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

උසාවි තීන්දුවට කළු කොඩි දැමීම අධිකරණයට අපහාසයක් - ජවිපෙ මහ ලේකම්

T

The Leader Desk

August 25, 2025 • 4:21 AM

 උසාවි තීන්දුවට කළු කොඩි දැමීම අධිකරණයට අපහාසයක් - ජවිපෙ මහ ලේකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් මහත්තයා අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසියෙන් බව කී ටිල්වින් සිල්වා, ඇප දෙන්නේ හෝ බන්ධනාගාර ගත කරන්නේ අධිකරණ තීරණය අනුව බව සඳහන් කළේය.
  • දැන් එතුමගේ වටේ එකතුවෙලා ඉන්න කණ්ඩායමේ එකම ප්‍රාර්ථනය වුනේ එතුමා හිරේ යවන එක.
  • රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මෙසේද කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල් මහත්තයා අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසියෙන් බව කී ටිල්වින් සිල්වා, ඇප දෙන්නේ හෝ බන්ධනාගාර ගත කරන්නේ අධිකරණ තීරණය අනුව බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මෙසේද කීය.

''රනිල් මහත්තයා අත්අඩංගුවට ගත්තේ රහස් පොලිසියෙන්. එතුමා කරපු මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කර ඒ අත්අඩංගුවට ගැනීම සිදුකර තියෙනවා. එතුමා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව අධිකරණය දෙපැත්තේම කරුණු සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගත කර තියෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් නොවේ.

ඊට කවුරුත් කලබල වෙන්න ඕන නෑ. නීතිය එහෙමනේ. කවුරුන් හෝ වරදක් කළාම උසාවිය කරුණු සලකා බලා අවශ්‍ය නම් ඇප ලබා ලබාදෙනවා. නැතිනම් බන්ධනා ගත කරනවා. ඒක තමයි නීතියේ හැටි.

එතුමා හිරේ දාන්න ඕන කියලා පහුගිය කාලෙ බල කළේ දැන් එතුමා වටේ එකතු වෙලා ඉන්න කණ්ඩායම. 2019 ජනාධිපතිවරණ කාලෙත් රනිල් හිරේ යවන්න ඕන කියලා රාජපක්ෂල කණ්ඩායම කිව්වා. දැන් එතුමගේ වටේ එකතුවෙලා ඉන්න කණ්ඩායමේ එකම ප්‍රාර්ථනය වුනේ එතුමා හිරේ යවන එක.


''අපේ රටේ නීතිය කාටත් සාධාරණ වෙන්න ඕන''


අධිකරණය තීරණයක් ගත්විට කවුරුන් හෝ ඊට එරෙහිව පෙළපාළි යනවා නම්, කළුකොඩි දානවා නම්, එක අපේ රටේ අධිකරණයට අපහාස කිරීමක්. ඒක නිසා අධිකරණයට අපහාස කිරීමේ කටයුත්ත සඳහාත් ක්‍රියා කිරීමට නීති අංශ කටයුතු කරාවි.

ඔය එකතු වෙලා ඉන්න අයගෙන් සීයට අනූවකට විතර නඩු තියනවා. අපරාධ කරපු අය දැන් අපරාධ වලින් ගැලවීමට එකතු වෙලා ඉන්නවා. සියලු අපරාධකරුවන් එක ගොඩකට එකතුවීමත් ජනතාවට තේරුම් ගන්න ලේසි වේවි.

ජනතාව මේ ගැන පැහැදිලි මතයක ඉන්නවා .කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කරපු කෙනාට පමණක් නොව ජනාධිපතිවරුන්ට පොලිස්පතිවරුන්ට පවා නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ජනාධිපතිවරුන් වරදක් කළ විට නීතිය ක්‍රියාත්මක කරද්දී ඊට බාධා කරනවා නම් ඊට පස්සේ අපට කවදාවත් පාලනයේ ඉහළ අයට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. එහෙම වුණොත් පාලනයේ ඉහළ ඉහල අය නීති කඩන්න බය වන්නේ නැහැ යනුවෙන්ද ටිල්වින් සිල්වා පැවසීය.


( lankadeepa | අංජුල මහික වීරරත්න)

සබැඳි ලිපියක් :

රනිල්ට දුන් නියෝගය විවේචනය කළොත් වැඩ වරදී; මාලිමා නීතීඥවරු අනතුරු අඟවයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...