The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

රනිල්ට හරි ප්‍රතිකාර නොලැබුණොත් හෘදයාබාධ ඇතිවිය හැකියි - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

T

The Leader Desk

August 25, 2025 • 5:15 AM

 රනිල්ට හරි ප්‍රතිකාර නොලැබුණොත් හෘදයාබාධ ඇතිවිය හැකියි - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව පැවසූයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මේ වන විට ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
  • ප්‍රශ්නය:- ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැද්ද?
  • කරන්ට් එකක් නැති වෙච්ච නිසා අධික රස්නයක් තියෙන්නත් ඇති.
  • ඒක නිසා ඔහුට වතුර ටිකක් වත් බොන්න නැති වෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව පැවසූයේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මේ වන විට ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

අඟහරුවාදා අධිකරණයට ඉදිරිපත් නොකරන ලකුණු !

රනිල් වික්‍රමසිංහ ලබන අඟහරුවාදා අධිකරණයට ඉදිරිපත් කරන්නට නොහැකිදැයි මෙහිදී මාධ්‍යයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රුක්ෂාන් බෙල්ලන පැවසූයේ" උසාවිය එන්න බෑ නේ ඉතින් මේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න මනුස්සයෙක්" යනුවෙනි.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විස්තර කරමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙසේද කීය.

''මම හිටපු ජනාධිපති බලලා ආවේ. ඔහුට විජලන තත්වයක් විය යුතුයි. ශරීරයේ ලේ වල සහ වෙනස් සලකුණු වල යම් යම් වෙනස් වීම් දකින්න පුළුවන්.

දවස් තුනක් වන තුරු එතුමා දැඩි විවේක කාලයක තැබිය යුතුව තිබෙනවා. විජලනයට ප්‍රතිකාර කරන්නත් ඕන. එය කළේ නැතිනම් හෘදයාබාධ වකුගඩු ආබාධ සහ වෙනත් සංකූලතා පැන නගින්න හැකියාව තියෙනවා. ඒ නිසා දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක්ම ඔහු මේ වෙලාවේ බලා ගන්නවා. දවස් දෙක තුනක් යද්දී ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරෙන්න පුළුවන් කියා අප කල්පනා කරනවා. බැරි වෙලාවත්  හරියට ප්‍රතිකාර නොකෙරුනොත් සංකූලතා වර්ධනය වීමට හැකියාව තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඔහු රඳවා තිබෙන්නේ ඒ නිසයි.


ප්‍රශ්නය:-
ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැද්ද?


පිළිතුර:-
උසාවිය එන්න බෑ නේ ඉතින් මේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න මනුස්සයෙක්.

ප්‍රශ්නය:-
ඒ  කියන්නේ ඔහුට ඒ තරම් අමාරුද?


පිළිතුර:-
ඔහු ඉන්නේ විජලන තත්ත්වයක. එදා ඔහු උසාවියේ පැය දහයක් විතර රැඳී සිටියා. කරන්ට් එකක් නැති වෙච්ච නිසා අධික රස්නයක් තියෙන්නත් ඇති. ඒක නිසා ඔහුට වතුර ටිකක් වත් බොන්න නැති වෙන්න ඇති. කෑම ටිකක්වත් කන්න නැතුව ඇති. විජලනය නිසා ශරීරයේ ඇතිවෙන්න පුළුවන් සංකූලතා තිබෙනවා. එවැනි තත්ත්වයක් උදාවී ඇති.

දැන් ඔහුට දැඩි සත්කාර ඒකකයේ දැඩි නිරීක්ෂණයක් කෙරෙනවා. හරියට බලා ගත්තොත් තව දවස් තුනකින් විතර යථා තත්ත්වයට පත්වේවි. දැඩි සත්කාර ඒකකයේ පිහිට නැති වුනොත් ඔහුට විජලනය කියන තත්ත්වයෙන් හෘදයට සහ මොළයට බලපාන සංකූලතා ඇතිවිය හැකියි.

ඉදිරි පැය 24 ත් අප දැඩි නිරීක්ෂණයක් කරනවා යැයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් කීය.


(lankadeepa | අංජුල මහික වීරරත්න)



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...