The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

උතුරු කොනේ යුද කඳවුරු අස් කරන ලෙස ඉල්ලා පෙළපාලි

T

The Leader Desk

August 25, 2025 • 4:08 PM

උතුරු කොනේ යුද කඳවුරු අස් කරන ලෙස ඉල්ලා පෙළපාලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටයුතු කරන ලෙස බල කරමින් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.
  • විරෝධතාකරුවන් චෝදනා කරන්නේ පේදුරුතුඩුව ප්‍රදීපාගාරය හා ඒ අවට භුමිය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති අතර වසර 150 වඩා පැරනි තැපැල් කාර්යාලය පිහිටි භුමිය හා මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි භුමිය යුද හමුදාව විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටින බවයි.
  • යුද නිමාවෙන් දහසය වසරක් ගතව තිබියදීත් එම ඉඩම් නිදහස් කිරීමට කටයුතු නොකිරීම නිසා තැපැල් කාර්යාලය සහ අධිකරණය වෙනත් ඉඩම් තුළ පවත්වාගෙන යෑමට සිදුව ඇති බව විරෝධතාකරුවන් එහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබුනි.
  • පේරුදුතුඩුව නගර සභාවේ සභාපති ඩග්ලස් පෝල්ගේ නායකත්වයෙන් මෙම විරෝධතාවය දියත් කර ඇති අතර එයට හිටපු දෙමළ ජනතා නියෝජිතයන්, ප්‍රදේශවාසීන් හා ධිවර ප්‍රජාව සහාය ලබා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු කරන ලෙස බල කරමින් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

"පේදුරුතුඩුව නගරය සුරකිමු" යන්න තේමා කරගනිමින් අගෝස්තු 25 වැනි සඳුදා පේදුරුතුඩුව වරාය සමීපයෙන් ගමන් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් පේදුරුතුඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දක්වා ගමන් ගත් විරෝධතාකරුවන් සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් ප්‍රාදේශිය ලේකම් වෙත බාර දීමට කටයුතු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ පේදුරුතුඩුව ප්‍රදීපාගාරය හා ඒ අවට භුමිය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති අතර වසර 150 වඩා පැරනි තැපැල් කාර්යාලය පිහිටි භුමිය හා මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි භුමිය  යුද හමුදාව විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටින බවයි.


යුද නිමාවෙන් දහසය වසරක් ගතව තිබියදීත් එම ඉඩම් නිදහස් කිරීමට කටයුතු නොකිරීම නිසා තැපැල් කාර්යාලය සහ අධිකරණය වෙනත් ඉඩම් තුළ පවත්වාගෙන යෑමට සිදුව ඇති බව විරෝධතාකරුවන් එහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබුනි.


පේරුදුතුඩුව නගර සභාවේ සභාපති ඩග්ලස් පෝල්ගේ  නායකත්වයෙන් මෙම විරෝධතාවය දියත් කර ඇති  අතර එයට හිටපු දෙමළ ජනතා නියෝජිතයන්, ප්‍රදේශවාසීන් හා ධිවර ප්‍රජාව සහාය ලබා දී ඇත.

පේරුදුතුඩුව නගර සභාවේ බලය හොබවන්නේ දෙමළ ජාතික ජනතා පෙරමුණයි. විරෝධතාවය සදහා පේරුදුතුඩුව නගර සභාවේ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හැර සෙසු සියළු නියෝජිතයන් එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

  xfdfdfghg

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...