අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන්නට හැකි බව යැයි සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (25) සර්වජන බලය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර...
ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට අපි විරුද්ධයි
''මානව ජන සමාජය සමඟ කරන ගනුදෙනුවේදී දූෂිත බව අද විශිෂ්ට බව සාපේක්ෂයි. ජනතා අභිලාෂයන්ට පිටින් අපිට කිසිත් කළ නොහැකි යි. අද වන විට රටේ ජනතාවගේ අහිංසක ප්‍රාර්ථනාවන් අභියෝගයට ලක්වෙලා. කැබිනට් අමාත්‍යවරුන්ට බරපතළ චෝදනා එල්ල වෙනවා. අපි කියන්නෙත් හොරු ඉන්නවනම් අනිවාර්යෙන්ම හොරු අල්ලන්නත් ඕනේ බටලන්ද වාර්තාවට. මහා බැංකු වංචාවට බටලන්ද වාර්තාවට දඬුවම් කළාට කමක් නැහැ. ඒකට අපේ කිසි විරෝධයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට සර්වජන බලය අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
මේ රනිල් වික්‍රමසිංහ කළ කුමන්ත්‍රණ දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු අද ගොදුරක් වෙලාද කියලා සැකයක් තියෙනවා. මේ රටේ ජනතාව නැගිට්ටවලා සූදානම් කරලා පොදු සටනක් කරන්නට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. පරණ වැඩේ කරන්නට නම් අපි එකතු වෙන්නේ නැහැ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නම් අපි එතන හිටගන්නවා.
රනිල් - අනුර ආදර සම්බන්ධතාව කැඩුණේ කවදා ද...?
සිකුරාදා දිනයේ අත් අඩංගුවට අරගෙන ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ ඇතුළට දාලා ලෝකෙට පෙන්නුවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝග කරන්නට පුළුවන් කියලා. අධිකරන ක්‍රියාවලිය අවභාවිතා කරන බවට ජනතාවට ඒ හැඟීම ඇතිවෙලා තියෙනවා.
ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදමින් සියයට විස්සක් නම් වියදම් කරලා තියෙන්නේ ඒකෙන් කියන්නේ ජනතාවගේ අතට සල්ලි ගිහිල්ලා නැහැ. මගේ වසර තිහකට වැඩි දේශපාලන දිවියේ ප්‍රධාන ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ. කැලෑ පොලිසියෙන් අත්අඩංගුවට ගන්න ඔයිට වැඩිය කල් ගියා. දැන් උදේට අල්ලගෙන ඇවිල්ලා රෑට දානවා.
රනිල් ඇතුළට දානවා කිව්වා යූටියුබ්කරුවා දැන් හඳුන්වන්නේ ජ්‍යෝතිෂවේදී මාධ්‍යකරුවා කියලා.
මට නම් හිතාගන්න බැහැ රනිල් අනුර ආදර සම්බන්ධතාවය කැඩුණේ කවදාද කියල.''




